චිත්‍රපටි තෙළිඟු

Tak Jagadeesh (2021) Sinhala Subtitles | Upasirasi.com

කතාව ගැන බැලුවොත් මේ කතාව දිවෙන්නේ භූදේවිපුරම් කියන ඈත පිටිසර ගමක් වටා. ගොඩක් චිත්‍රපටි වල දකින්න ලැබෙනවා වගේ මේ චිත්‍රපටියෙත් එකම ගමේ පවුල් දෙකක් අතර නයි වෛරයක් තියෙනවා. ඒකට හේතුව කාලාන්තරයක් තිස්සේ පැවතගෙන එන වෛරයක්. ගොවිතැන් නිසා හටගත්තු මේ වෛරය නිසා ගමට කිසිම සෙතක් නම් සිද්ද වෙන්නේ නෑ. ආරවුල් වලින් සමහරුන්ට අත් පා අහිමි වෙනවා. සමහරුන්ට ජීවිත අහිමි වෙනවා. පොඩි සිදුවීම් වලට පවා ගහ මරා ගන්නවා. පැපොල් ගෙඩියට, කෙ⁣හෙල් කැනට මරාගන්න තත්ත්වයක් තමයි මේ ගමේ තියෙන්නේ. ඉතින් මේ භූදේවිපුරම් කියන ගමේ ඉන්න අදිසේෂ නායිඩු කියන්නේ ගමේ ප්‍රධානියා. මෙයාගේ පළමු බිරිඳට පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බෝසු බාබු. අනිත් කෙනා තමයි අපේ කතා නායකයා, ජගදීෂ් නායිඩු නැත්නම් ටක් ජගදීෂ්. ඉතින් මේ දෙන්නගේ අම්මා නැතිවුන කාලේ ඉඳන් කුඩම්මාත් එක්ක සහ ඒ කුඩම්මාගේ ළමයි එක්ක තමයි හැදී වැඩෙන්නේ. කුඩම්මා වුනාට මේ අම්මා කිසිම වෙනසක් නොකර තමන්ගේ ළමයින්ට වගේම බෝසුට සහ ජගදීෂ්ට සලකනවා.  එහෙම සැලකුවත් බෝසුට ඒක තේරෙන්නේ නෑ. එයා තමන්ට සිද්දවෙන අඩුපාඩුමයි දකින්නේ. හැබැයි ඒක පිටට පෙන්නන්නේ නෑ. නොසිතූ වෙලාවක මේ දෙන්නගේ තාත්තා නැතිවෙනවා. තාත්තා නැති වෙන වෙලාවේ බෝසු බාබුත් එක්ක එතන හිටිය ලෝයර්ට දේපල බෙදලා දෙන්න ඕන විදිහ ගැන කියනවා. හැබැයි තමන්ට පොඩිකාලේ ඉඳන් වුන අඩුපාඩු එක්ක හිතේ තිබ්බ වෛරයත් නිසා ඒ බව කාටවත් නොකියා දේපල බලෙන් අයිති කරගන්නවා.

Leave a Reply

Your email address will not be published.