චිත්‍රපටි දමිළ

Tadap(2021) Sinhala Subtitles | ආලය කිරීමට ඇති ආශාව..! [සිංහල උපසිරසි]

ත්‍රෛයිලෝක විජය ප්‍රතයක් රෝල් කර කටේ ගහගෙන එහි නියම සැනසීම විඳිමින් තමන් එක සිතින් ආලය කළ තරුණියව සිහි කරමින් සිටින දරදඬු තරුණයෙක්. මෙවැනි චරිතයක් තමයි අපිට මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන නළුවා වන අහාන් ශෙට්ටිගෙන් දැකගන්න පුළුවන් වෙන්නේ. අහාන් ශෙට්ටි කියන්නේ කවුද කියල දන්නේ නැති අයට මෙම ලාබාල තාරුණ්‍යා ගැන මම වචනයක් කියන්නම්. ඔයාලා දන්නවා වෙන්න ඕනේ මම කියන්න යන මේ නළුවා ගැන නම්. අහල තියෙනවද සුනිල් ශෙට්ටි ගැන? අවුරුදු 25කට වැඩිය සිනමා ක්ෂේත්‍රයේ වෙසෙන මේ නළුවා නොදන්නා පිරිසක් නැති තරම්. චිත්‍රපට 100කට පමණ වැඩියකට තම රංගන දායකත්වයෙන් සහයෝගය ලබා දී ඇති මේ නළුවාගේ පුතා, අහාන් ශෙට්ටි තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා විදියට කටයුතු කරන්නේ. අහාන් ශෙට්ටිගේ ප්‍රථම චිත්‍රපටය වන්නේද මෙම Tadap චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන නිළිය වශයෙන් කටයුතු කරන්නේ ටාරා සුතාරියායි. ඇය මීට පෙර Student of the Year 2 හා Marjaavaan යන සාර්ථක ලෙස තිරගත කෙරූ චිත්‍රපට දෙකෙහි තම රංගන දායකත්වයෙන් සහයෝගය දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published.