කතාවේ වෙන දේ පොඩ්ඩක් කියනව නම් ස්කූබී සෙට් එක බැංකුවක් මංකොල්ල කන්න හදපු විකටයෙක්ව අල්ලගෙන එයාගෙන් ප්රශ්න කරද්දි ස්කූබි ඩූට එක පාරම අමුතු සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒ සද්දෙට එයාව නිකම්ම නැටවෙනවා. මේක ඉවසගන්න බැරි වුන තැන ස්කූබි ඩූ පිස්සුවෙන් වගේ එතනින් පැනලා දුවනවා. ඒ හින්දා අනිත් සෙට් එකත් අර අල්ලගත්ත බැංකු හොරාව අතෑරලා දාලා ස්කූබි පස්සෙන් වෑන් එකේ යනවා. ස්කූබී ඩූ නොදැනුවත්වම දුවගෙන යන්නේ නෝවෙයාර් කියන ටවුම මැද තියෙන ගොවිපළකට. එහේ ඉන්නවා කරේජ් කියන බල්ලා. කරේජ්ටයි, ස්කූබිටයි දෙන්නටම දැන් අර අමුතු සද්දෙ ඇහෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ එක්කම ස්කූබිටයි, කරේජ්ටයි පහර දෙන්න එතන පොළව යටින් මතුවෙනවා ශිශු අවධියේ ඉන්න යෝධ රැහැයියෝ වගයක්. ශිශු අවධිය කියන්නේ සුහුඹුල් රැහැයියා බිහි වෙන්න කලින් අවධිය. ඉතින් තවත් කිව්වොත් කතාවම කියන්න වෙන හින්දා ඔය ඇති මං හිතන්නේ. මෑතකදී නිකුත් වුන ස්කූබි ඩූ ෆිල්ම් වලට වඩා වෙනස් තේමාවක් ගත්ත කතාවක් මේක. ඔයාලම බලන්නකෝ එහෙනම්.
Pretty! This was an incredibly wonderful article.
Many thanks for supplying these details.