කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.මුලින්ම පටන් ගන්නෙ කතාව ත්‍රස්තවාදී කන්ඩායමක් විනාශ කරන තැනක ඉදන්. ඒ ත්රස්තවාදීන් එක පොඩි දරුවෙග්ගෙ ඇගේ බෝම්බයක් අටවනවා. බීම් කියන්නෙ හමුදා බලකායේ නායකයට.ඔහු උපරිම උත්සහ කරනව දරුවව බේර ගන්න ඒත් හිත් පිත් නැති බෝම්බය දරුවව මරාගෙන පුපුරනවා.ඒ ප්‍රශ්නෙන් පස්සෙ ඒ බලඇනිය ඉන්දියාවේ තහනම් කරනවා. ඔය අතර ඉන්දීය වෛද්‍යවරයෙක් සයිබවරුන් පිරිසක් තමන්ගෙ ජාන උපයෝගී කරගෙන බිහිකරනවා.ඒ එක සයිබවරයෙක්ට මිනිසුන් 100කගේ වැඩ කරන්න පුළුවන්,ඒ ගැන පරික්ෂා කරන්න පකිස්තානු ත්රස්තවාදීන් යටත් කරන් ඉන්න ගමකට යවනවා බේර ගන්න.ඒත් වෙන්නෙ මෙනමම දෙයක්,සයිබවරුන් ත්රස්තයන් එක්ක එකතු වෙල මුළු ගමම විනාශ කරනවා,ඒ කෙන් කම්පාඋන ඩොක්ටර් බැනර්ජි ඒ මුළු සිස්ටම් එකම විනාශ කරනවා. ඒ සයිබ වරුන්ට නැවත නිශ්පාදනය කරන්න RH NULL කියන ලේ වර්ගය අවශ්‍යයි,ඉතින් ඒ ලේ තියෙන එකම කෙනා තමයි ඩොක්ටර් බැනර්ජිගේ මිනිබිරිය.මේ ගැන දැන ගන්න ලෝක බලවත්තු ඒ දැරිය පැහැර ගන්න හදනවා. ඉතින් ඒ දැරිවිව බේර ගන්න විශේෂ බලකායට පුළුවන් වෙයිද?.අරන් බලන්න එපා වෙන්නෙ නැති හිතට දුකකුත් දැනෙන ලස්සන චිත්‍රපටියක්. එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසි එක්ක හම්බ වෙමු. හැමෝටම බුදුසරනයි,දෙවිපිහිටයි