ජීවිතය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, මේ ජීවිතයෙදී අපි ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා, සමහරක් දේවල් ගොඩක් මිහිරියි ඒවගේම තවත් සමහරක් ඒවා ගොඩක් අහිමිහිරියි. හැබැයි සාපේක්ෂව ගත්තොත් අහිමිරි දේවල් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩියි. එවැනි අවස්ථාවකදී අපි කිසි සේත්ම පසුබට නොවී ඒවට මුහුණ දිය යුතුයි. රූබන් කියන්නෙත් එවැනි අමිහිරි ජීවිතයකට මුහුණ දීපු කෙනෙක්. ඔහුට ඩ්‍රම් ගැසීම සඳහා හොඳ සහජ හැකියාවක් තියෙනවා. ඒවගේම ඔහු තමන්ගෙ පෙම්වතිය වෙන ලු සමග සංගීත සන්දර්ශන පවත්වනවා. ඉතිං මේ සතුටින් ජීවිතය ගත කරන රූබන්ට අහිමිරි සිදුවීමක් වෙනවා. එකපාරටම වගේ ඔහුගෙ ඇසීම නැතිවෙනවා. ඉතින් ඔහුගෙ වෘත්තීය වගේම ජිවිතයටද මේක බලපානවා. ඉතිං මෙවැනි අවස්ථාවකදී ඔහු කොයි තරම් වැටෙනවද කිව්වොත් අවුරුදු හතරක් තිස්සෙ පිරිසිඳුව හිටිය ඔහු නැවතත් මත්ද්‍රව්‍ය පාවිච්චියට අරගන්නවා. ඒ හේතුව නිසාවෙන් ඔහුගෙ පෙම්වතියත් ඔහුගෙන් ඈත් වෙනවා. ඉතින් ඔහුට ඉදිරියේදී තව මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද?