දවස් 243 ක් ජරා හතු කෝපි බිබී ජීවිතය ගැට ගහගෙන හිටපු රොබෝ ටික්කාගෙ අරුම පුදුම නිර්මාණයක ප්රතිඑලයක් විදිහට මිනිහාට වෙනත් ලෝකයකින් එන නකල්ස් (Idris Elba) කියන සටන්කාමී චරිතයක් අඳුන ගන්න ලැබෙනවා. නකල්ස් කියන්නෙත් සොනික්ගෙන් (Ben Schwartz) පලිගන්න පෙරුම් පුරාපු කෙනෙක්. ඒ බොහොම ඉස්සර නකල්ස්ගේ ලෝකයේ එකිඩ්නස් කියන රණශූර ගෝත්ර කණ්ඩායම් 7 ක් එයාලට අයිති මැණික් ගල් 7 ක් එකතු කරලා හදපු අති ප්රබල හරිත මැණික, සොනික්ගෙ ලෝකයේ නායිකාව වෙන ලෝන්ග් ක්ලෝ (Donna Jay Fulks) විසින් පැහැර ගෙන ගිය නිසයි. ඒකට හේතුව ඒ මැණික නරක අය අත තිබීම විශ්වයටම තර්ජනයක් වීමයි.
අරමුණු අතින් ගත්තම රොබෝ ටික්කාටයි නකල්ස්ටයි දෙන්නටම ඕන සොනික්ව ඉවර කරන්න. දෙන්නම එකතු වෙලා සොනික්ව විනාශ කරන්නයි ඒ වගේම හරිත මැණික අයිති කර ගන්නයි ගන්න උත්සාහය තමයි මේ කතාවෙන් කියැවෙන්නේ. තවත් දෙයක්; රොබෝ ටිකකට නකල්ස් සෙට් වෙනවා වගේම සොනික්ටත් ටේල්ස් (Colleen O’Shaughnessey) කියලා හුරතල් නරි යාළුවෙක් අඳුන ගන්න ලැබෙනවා. ටේල්ස්ව නම් ඔයාල සොනික් කාටුන් එකෙත් දැකලා තියනවනේ.