ඇය නමින් ජෙසිකා,ලන්ඩන් වල ඉදල ඉන්දියාවට එන්නේ සංචාරකයෙක් විදිහට,ඇය ඉන්දියාවේ රාජස්ථාන්හි උදයිපූර් වලට සහ කේම්පූර් වලට පැමිනෙනවා, නමුත් ඇය එන්නේ එම ගම්මාන මොන තරම් දරිද්‍රතාවයකින් වෙලෙනවද කියල සොයා බලන්න, ඒ ගම්මානය මොන තරම් දරිද්‍ර ද කියනවා නම් එහි ජීවත් වෙන දරුවන්ට දුරකතනයක්,වාහනයක්,මෝටර්බයික් එකක් හරියට ආෂ්චර්වයක් වගේ,හරියට අපේ සිංහල සිනමාවේ තිරගත උන හෝගානා පොකුන චිත්‍රපටිය හා සමානයි,කවදාවත් මුහුද දැක්කෙ නැහැ වගේ ඒ ලමයින්ටත් මේ දේවල් සිහින වගේ,ඇය කේම්පූර් වලට පැමිනියාට පසුව ඇයට මැදිවියේ දැරියක් හම්බ වෙනවා, ඇය නමින් ප්‍රේර්නා,ඇය සමග ඇගේ විස්තර කතා බහ කරන අතර තුර ඇය දකිනවා එම ගම්මානයේ දරුවන් ස්කේටින් ක්‍රීඩා කරන්න යොදා ගන්නා වගේ උපකරනයක් සමග ළමයි සෙල්ලම් කරනවා, ඒ ළමයි ස්කේටින් වලට මොනතරම් කැමතිද කියනවා නම් පාසල් යන්නෙත් නැතුව ස්කේටින් ක්‍රීඩා කරනවා, ප්රේර්නාත් ස්කේටින් වලට ගොඩක් කැමතියි, පාසල් ගියත් මොනව කලත් ඇගේ ජීවිතයම ස්කේටින් විතරමයි, ජෙසිකාට ජීවිතේ කරන්න පුළුවන් උපරිම තෘප්තිය ඇය එහිදී විදගන්නව වගේ එම දරුවන්ටත් ඔවුන්ගේ ජීවිත සාර්ථක කරගන්නත් ඇය විශාල කැප කිරීමක් කරනවා, එහිදී ප්රේර්නාගේ ජීවිතේ සාර්ථක වෙන හැටි චිත්‍රපටිය බලළම තේරුම් ගන්න, ඉන්දියාවේ විශාලතම ඩෙසර්ට් ඩොල්ප්හින් ස්කේටින් උද්‍යානය ඉදි වෙන්න මූලික අඩිතාලම ගැන චිත්‍රපටියේ කිය වෙනව වගේම ස්කේටින් ක්‍රීඩාව උතුරු ඉන්දියාවේ මොන තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවද කියල ඔයාලම බලන්න.