වසන්ත නිවාඩුව ගත කරන්න මෙක්සිකෝවට එන නැට්, ටොම්, මිලී, ටයිලර් සහ ග්‍රෙග් කියන යාළුවෝ පස් දෙනා වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ කට්ටියගෙන් නැට් හැරෙන්න අනිත් හතරදෙනා එක වල්ලේ පොල් කියන්න පුළුවන් එච්චරට පිස්සු. ඉතිං මෙයාලගේ නිවාඩුවේ අන්තිම දවස වෙරළෙ ගත කරද්දි කුලියට පදින්න දෙන ජෙට් ස්කි දෙකක් දකිනවා. ඉතිං මේ පිස්සෝ හතර දෙනා මේ ජෙට් ස්කි දෙකේ යතුරු හොරකම් කරන් අසරණ නැට් බෑ කියද්දි එයාවත් දාගෙන මුහුදේ රේස් එකක් යනවා. මොන සෙල්ලම් දැම්මත් නොසැලකිලිමත්කම නිසා අමාරුවේ වැටෙනවා කියන එක සනාථ කරමින් මෙයාලා මුහුද මැද ලොකු අකරතැබ්බයකට මුහුන දෙනවා. ඒත් මෙයාලා හිතන දේට වඩා වඩා භයානක දෙයක් මේ කට්ටිය වටේ කැරකෙනවා. සාගරයේ ඉන්න භයානකම විලෝපිකයා ගොදුරු හොයාගෙන ලුහුබදිනවා කියලා දැනගද්දි මෙයාලා පරක්කු වැඩියි.
