ඉංග්‍රීසි චිත්‍රපටි

Shang-Chi and the Legend of the Ten Rings (2021) Sinhala Subtitles

චිත්‍රපට 11කින් සහ කතා මාලා 13 කින් සමන්විත වන Marvel Cinematic Universe: Phase Four හි දෙවන චිත්‍රපටය හෙවත් සමස්ත Marvel Cinematic Universe (MCU) හි 25 වන චිත්‍රපටය හෙවත්, MCU හි අතිශය ප්‍රථම ආසියානු ප්‍රධාන චරිතයක් හිමි චිත්‍රපටය ලෙස තමයි Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටය එළි දැක්වෙන්නෙ. කවුද මේ Shang-Chi කියන්නෙ? බහුතරයක් සිනමා රසිකයන්ට මේ Shang-Chi කියන නම එතරම් හුරු පුරුදු නමක් නම් නෙමෙයි. හැබැයි, දැඩි කොමික් රසිකයෙක් නම් Shang-Chi කියන නම දැනගෙන නොහිටියා වෙන්න බැහැ වගේම, ඔබ මාවල් සිනමා විශ්වයේ චිත්‍රපට උනන්දුවෙන් නැරඹූ කෙනෙක් නම් 2008 වර්ෂයේ ඉඳන් මාවල් චිත්‍රපට කිහිපයක් තුලින් Shang-Chi ගැන විටින් විට දීපු ඉඟි බිඟි නොදැක්කා වෙන්න බැහැ. අපි ඒ හැම දෙයක් ගැනම හිමීට කතා කරමු. සුපුරුදු විදියට මේකත් දීර්ඝ ලිපියක් වේවි. වැඩි විස්තර දැනගන්න කැමති අය ඉවසීමෙන් පහලට කියවගෙන යන්න ආරාධනා කරන ගමන්, ඉවසීමක් නැති අය කෙලින්ම පහලට ගිහිං සබ් එක අරගෙන ගියා කියලා කිසිම අමනාපයක් නැහැ. එහෙනම්, අපි කෙලින්ම වැඩේට බහිමු.

70 දශකය කියන්නෙ කුංග්-ෆු, මාර්ෂල් ආර්ට්ස් පිලිබඳව ලෝකය පුරාම උන්මාදයක් පැතිරිලා ගියපු කාල සමයක්. මෙයට ප්‍රධාන හේතුවක් උනේ වෙන කවුරුවත් නෙමෙයි, අපි හැමෝම හොඳට දන්න කියන, සටන් කලාවෙ පුරාවෘත්තයක් වෙන බෲස් ලී. බෲස් ලී ගේ සටන් කලාවන් මිනිස්සු කොච්චර ආදරයෙන් වැලඳගත්තද කියනවානම්, මාර්වල් කොමික්ස් වලටත් අවශ්‍ය උනා මාර්ෂල් ආර්ට්ස් සහ කුංග්-ෆු සටන් කලාවන්ගෙන් පරතෙරටම ගිය සුපිරි වීරයෙක් සිය කොමික් රසිකයින්ට හඳුන්වා දෙන්න. මේ සිතුවිල්ලෙ ප්‍රථිඵලයක් විදියට තමයි Steve Englehart සහ Jim Starlin යන දෙදෙනා අතින් Shang-Chi කියන චරිතය නිර්මාණය වෙලා, 1973 දෙසැම්බර් මාසයෙදි Special Marvel Edition #15 තුලින් මුළු ලෝකයාටම මේ සුපිරි වීරයාව හඳුන්වා දෙන්නෙ. Master of Kung-Fu, Brother Hand, Commander Hand කියන නම් වලිනුත් Shang-Chi ව හඳුන්වනවා. ඒ වගේම, Shang-Chi කියන්නෙ Five Weapons Society, Avengers, Agents of Atlas, MI-6, Freelance Restorations, Marvel Knights, Heroes for Hire, Secret Avengers, Protectors, Underground කියන කණ්ඩායම් සමගින් වැඩ කල කෙනෙක්. Shang-Chi ගෙ සමීපතම සගයින් තමයි Clive Reston, Black Jack Tarr, Leiko Wu, Iron Fist, Sword Master කියන සුපිරි වීරයින්. දැන් අපි බලමු Shang-Chi ට තියෙන බලයන් සහ හැකියාවන් පිලිබඳව.

 

Leave a Reply

Your email address will not be published.