කතාව ගැන කිව්වොත් එහෙම ක්රිෂ්නා කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මොහුගේ අවංක කම නිසා සමහර පොලිස් නිලධාරින් පවා මොහුව විහිළුවකට ගන්නවා. කොහොම හරි දිනක් මොහුව අපරාධකාරයෙක් පසුපස ඔත්තුබලන්න කියලා යවනවා. මෙහෙම ගියාම ඔහු අතින් ලොකු අත්වැරැද්දක් වෙනවා. ඒ ඔහුගේ පොලිසියෙන් දුන්න තුවක්කුව නැති වෙනවා. මේක සම්පුර්ණ උණ්ඩ වලින් පිරුණු තුවක්කුවක්. මෙහෙම පොලිස් නිලධාරියෙක්ගේ තුවක්කුවක් නැති වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. මේ තුවක්කුව ක්රිෂ්නාට හොයාගන්න පුලුවන් වේවිද? නැත්නම් මේ තුවක්කුවෙන් ලොකු අපරාධයක් වේවිද? ඒ ටික දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
