සාරා කියන්නේ කෙළිලොල් තරුණියක්. දැන් නම් චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න හීන මවන තරුණියක්. සාරාට ප්‍රේම සම්බන්ධකම් නම් කිහිපයක්ම තිබුණා. ඒ හැම එකක්ම ටික කාලෙකින් බිඳිලා යන්නේ ජෝඩුව අනාගතේ ගැන කතා කරන්න ගන්න දවසෙමයි. ඔය අනාගත සැලසුම් ගහන අතරේ , ජෝඩුවගේ අදහස් එක තැනක හිර වෙනවා. ඒ හිරවිල්ල කොච්චරද කියනවා නම් කොල්ලා ආයේ සාරාගේ පැත්තවත් නොබලා මුළු ප්‍රේම සම්බන්ධෙටම ආයුබෝවන් කියලා යන්න යනවා. ඔහොම තමා සාරාගේ හැම ප්‍රේම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ. මොන තරම් සම්බන්ධකම් කැඩුනත් සාරාට නම් ඕවා ගාණක්වත් නැහැ. තමන්ගේ මතය කොයි වෙලාවකවත් වෙනස් නොකරන සාරාට තිබ්බේ එකම හීනයයි. ඒ තමන්ගේ වෘත්තීය ජීවිතේ හැඩගස්සාගන්න එක. ඔය අතරේ තමයි සාරාට අමුතු කෙනෙක්ව මුණගැහෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න සාරාගේ මේ පැටිකිරිය බලන්න කියලා ආරාධනා කරනවා.