චිත්‍රපටි මලයාලම්

salute (2022) Sinhala Subtitles | අයුක්තිය අසාධාරණයට එරෙහිව !

අරවින්ද් කරුණාකරන් තමන්ගෙ අයියගෙ ආදර්ශයෙන් පොලිස් නිළධාරියෙක් වුණේ අයියගෙ යටතේමයි. පළමු පත්වීම හම්බවෙන්නේ තිරුවනන්තපුරම් දිස්ත්‍රික්කයේ මාරනෙල්ලූර් පොලිස් ස්ථානයට. එහිදි සිද්ධවුණ ද්විද්ව මිනී මැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අරවින්ද් කරුණාකරන්ගේ අයියා ඇතුළු කණ්ඩායමේ කට්ටිය මේක වෙනත් කෙනෙක් පිටින් දාලා නඩුව වහන්න උත්සාහයක් දරනවා. නමුත් ඒකට විරුද්ධව අරවින්ද් කරුණාකරන් නොහොත් අපේ චිත්‍රපටයේ කතා නායකයා විරුද්ධව හිටගන්නව. මාටින්-ෂීබා ඝාතනය මුලු දේශපාලන ක්ෂේත්‍රයේම රැව් පිලි රැව් දුන් අපරාධ සිද්ධියක්. දේශපාලකයින් මේ සිද්ධිය උළුප්පා දක්වමින් පොලීසියට අපහාස කරමින් දේශපාලන වාසි ගන්න උත්සාහ දරන අවස්ථාවක ඊට මැදිහත්වුණ අරවින්ද් දේශපාලන හෙන්චයියන් ඇතුළු සෙට් එකකට හොදටම නෙලනව. මාටින්-ෂීබා ඝාතනය ගැන නොයෙකුත් මතිමතාන්තර පැතිරෙන අවස්ථාවක ඒක යට ගහල වෙන කෙනෙක්ගෙ පිටින් දාන්න හදන අවස්ථාවක අරවින්ද් කරුණාකරන්ට ඒ ගැන හොයන්න ගිහින් පොලිස් නිළයත් එපා වෙන තැනට වැඩ සිද්ධවෙනවා. බැරිම තැන වැටුප් රහිතව අවු. 5 කට නිවාඩු ලබාගන්නා අරවින්ද් කරුණාකරන්ගේ ඊළග පියවර බොරුව – සත්‍ය- සාධාරණය අතරින් මොකක් වෙයිද ?

Leave a Reply

Your email address will not be published.