හරි අපි කතාව පැත්තට හැරෙමු. මෝඩ් කියන්නෙ සාත්තු සේවිකාවක්. ඒ කියන්නෙ නර්ස් කෙනෙක්. එයා වැඩ කරන්නෙ පුද්ගලික අංශයක. ඒ කියන්නෙ අර ගෙවල්වල නැවතිලා රෝගීන්ට උපස්ථාන කරන කෙනෙක්. මෝඩ් ඇවිල්ල දෙවියන් වහන්සේව තදින්ම විශ්වාස කරන කෙනෙක්. කොච්චර තදින් ඒක විශ්වාස කරනවද කියල ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. මෝඩ් කලින් වැඩ කරපු තැන රෝගියා අවාසනාවන්ත විදියට මිය යනව. ෆිල්ම් එකේ පෙන්නුවේ නැති උනත් ඒක වෙන්නෙ මොඩ් ගෙ අතින්. ඉන් පස්සෙ තවත් තැනක රෝගියෙක් බලාගන්න රැකියාවක් මෝඩ් ට ලැබෙනව. ඒ ගෙදර ඉන්නෙ ඇමන්ඩා කියල නර්ථන ශිල්පිනියක්ව ඉඳල දැන් දරුණු පිළිකාවකින් දුක් විඳින කෙනෙක්. එයාව බලාගන්න එක තාම මෝඩ් ට බාර වෙන්නෙ. මෝඩ් ඒක හරියට කරයිද? මෝඩ් ගෙ මනසට මොකද වෙලා තියෙන්නෙ? ඒ ඔක්කොම ෆිල්ම් එක බලලම දැනගන්න.