තරුණියක් බොස්ටන් බස්රථ නැවතුම් පොළට බොහොම හදිසියෙන් පැමිණෙනවා.ඇය පිටිපස්සෙන් පොලිසියෙන් පන්නනවා.ඇය බොහොම බියට පත්වෙලා ඉන්නේ. බොස්ටන් පොලිසියෙන් බසයක් නෑර සෝදිසි කරලා බලනවා මේ ගැණු කෙනා පැනලා යන්න නොදි වලක්වගන්න.හැබැයි ඇය එතැනින් ඇට්ලැන්ටා වලට තියන බසයකින් පොලිසියට හොරෙන් පලා යනවා.ඇය මඟදි බස් රථයෙන් බැහැලා කුඩා ගමක ජිවත් වෙන්න පටන් ගන්නවා. මෙහිදි ඇයට මුණ ගැහෙනවා ඇලෙක්ස් නැමැති පුද්ගලයෙක්…ඒ දෙන්නා අතර වෙන ආදර කතාව ගැනත් කියනවාට වඩා බලන එක හොදයි. ඒ වගේම ඇයි මේ කේටි නැමැති තරුණිය පස්සෙන් පොලිසිය පන්නන්නේ? ඇය නමින් මිනිමැරුම් චෝදනාවකුත් නිකුත් වෙනවා. ඇය ඇත්තටම මිනිමරුවෙක්ද? පොලිසියෙන් බේරිලා ඇයට කොච්චර කාලයක් ඉන්න පුලුවන් වෙයිද? එතකොට ඇලෙක්ස් මේ ගැන දැනගත්තොත් මොනා වේවිද? ඔවුන් කුමක් කරාවිද?
