බබල් සමාගම එයාලාගේ අළුත් නිර්මාණයක් එලි දක්වනවා B-bot කියලා. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධියක් තියෙන රොබෝවෙක්. ඒ රොබෝවට පුළුවන් අයිතිකාරයාගේ හැම දත්තක්ම වගේම කැමති අකමැති දේවල් සමාජ මාධ්‍ය ජාලා හරහා ලබාගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න. බබල් සමාගමේ CEO වන Marc Wydell මේ B-bot නිපදවන්නේ අළුත් යාළුවන් සොයාගන්න අරමුණෙන්. ඒත් එක B-bot කෙනෙක් බාර්නි කියන පුංචි පිරිමි ළමයට උපන් දිනේට තාත්තා ගෙනල්ලා දෙනවා, ඒ B-bot බබල් ජාලය හා සම්බන්ධ වෙන්න බැරි අලුත ඉපදුන බබෙක් වගේ රොබෝවෙක්. ඒ තමයි රොන්. ඉතින් ඒ නිසා රොන්ට ගොඩාක් දේවල් අළුතෙන් ඉගෙන ගන්න වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක රොබෝ යාළුවෙක් හම්බවෙන බාර්නිගෙයි රොන්ගෙනුයි මිත්‍රත්වය ගැන තමයි මේ චිත්‍රපටිය පුරා දිව යන්නේ.
