පොලීසියේ වැඩකරන ඔයා අතින් මහරෑක මනුස්සයෙක් මැරෙනවා.ඇත්තටම ඒක ඇක්සිඩන්ට් එකක්.නීතිය දන්න ඔයා.. ඉතිං එහෙම අනතුරක් උනේ නෑ කියලා හැප්පුණු මනුස්සයාගේ මිනියත් අරගෙන ගිහින් හංගලා සිද්ධිය හරි ලස්සනට යටගහනවා. කාට පේන්නද?? කවුරු දකින්නද?? කියලා ඔයා වැඩේ ෂේප් කියලා හිතාගෙන හිටියත් මෙන්න හදිසියේ කවුද මන්දා මිනිහෙක් කෝල් කරලා මිනිය හංගපු තැන අහනවා! මළ කෙළියයි නේද??? එතකොට මැරුණු මිනිහා කවුද? ඒ යකාව ඇත්තටම මැරුණේ හැප්පිලාද? මැරුණටත් පස්සේ ඒ මිනිහාව තවත් ඕනේ කාටද? අන්තිමට කාටද ටිකට් එක ඇදෙන්නේ?? ඔවාට උත්තර හොයාගන්න නම් ඔයාටත් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා
