කතාව ගැන කිව්වොත් මේක සිද්ධවෙන්නේ 1980 වර්ෂයේ.. රැකුන් නගරේ තමයි අම්බ්රේල්ලා සමාගමේ ප්රධාන කාර්යාලය තියෙන්නේ. මේක ජනතාව දැනන් ඉන්නේ ඖෂධ නිශ්පාදන සමාගමක් කියලා. නමුත් මේකේ වෙන වෙන පරික්ෂණත් සිදු කරනවා. කොහොම හරි එක දවසක් රෑ මේ පර්යේෂනාගාරයේ යම් සිදුවිමක් වෙනවා. එක පාරටම නගරය පුරාම නිවේදනයක් යනවා නිවෙස් වලටම වෙලා ඉන්න. එලියට එන්න එපා කියලා. මේ එදින රෑ සිද්දවෙන සිදුවිම තමයි මේ චිත්රපටියට පාධක වෙන්නේ. මේකෙන් පස්සේ තව චිත්රපටියක් නම් නිකුත් වේවි කියලා හිතනවා… එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.
