නික් සහ වොට්ස් කියන්නෙ හමුදාවෙ හිටපු දෙන්නෙක්.මේ දෙන්නා ද ටෑන්ක් කියලා හමුදාව විසින් ප්‍රශ්ණ කිරීම් වලට නිර්මාණය කරපු යන්ත්‍රයක් මගින් මිනිස්සුන්ට තමන් අතීතයේ හිටපු මොහොතක් මතක් කරගන්න උදව් කරනවා.දවසක් මේ කියලා කාන්තාවක් එයාගෙ නැති වුන යතුරු ටික දාපු තැන මතක් කරගන්න මෙතනට එනවා.නික්ට ඇයව දැක්කම කැමැත්තක් ඇති වෙනවා.මේ දෙන්නා ආදරෙන් බැඳෙනවා.ඒත් මේ හිටිහැටියෙ අතුරුදහන් වෙනවා.නික් මේව හොයන්න ගොඩක් මහන්සි වෙනවා.නීතිපති කාර්යාලයේ වැඩකදි යන්ත්‍රය පාවිච්චි කරලා සිරකරුවෙක්ගෙන් ප්‍රශ්ණ කරද්දි නික්ව හම්බෙන්න අවුරුදු ගාණකට කලින් මේ ජෝ කියලා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් එක්ක ඉන්නවා දකිනවා.මේව හොයාගන්න මහන්සි වෙද්දි නික් දැනගන්නවා මේ කියන්නෙ ඔහු හිතාගෙන හිටපු කෙනා නෙමෙයි ලොකු කුමන්ත්රණයක කොටසක් කියලා.
මීට වඩා කිව්වොත් ඔබේ රසවින්දනයට බාධා වෙනවා.මේ කියන්නෙ කවුද, නික්ට ඇයව මුණගැහෙන්නෙ අහම්බෙන්ද, නික් මැදි වුන කුමන්ත්‍රණය මොකක්ද කියලා බලලම දැනගන්න