රශ්මි… රශ්මි කියන්නේ පුංචි කාලේ ඉඳලම කොල්ලෙක් වගේ ලමයෙක්. මොකද කියනව නම් මේ රශ්මිට දුවන්න තියෙනව නම් වෙන දෙයක් ඕන නැති තරම්. මං එහෙම කිව්වේ මේ රශ්මි පොඩි කාලේ ඉඳලම දුවන්න හරිම දක්ෂයි. දක්ෂයි කිව්වට ඒ ගමටම ඉන්න වේගවත්ම ලමයා කිව්වොත් මං හරි. හැමෝම දන්නවා දුවන තරඟයක් තිබ්බොත් කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා වැඩි වේගයකින් දුවන විත්තිය. ඒ කෙල්ලෙක්ට වැඩිය කොල්ලෙක් ගාව තියෙන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල අගයක් ලබා ගන්න නිසා. ඒකයි කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා වැඩි ක්රියාකරකම් වලින් ඉදිරියෙන් ඉන්නේ. හරි ඉතින් මේ අපි හැමෝම දන්න කතාවනේ. මං ආයේ කතාව පැත්තට හැරෙන්නම්..,
රශ්මිගේ අම්මා භානුබෙන් නිතරම කියන්නේ කෙල්ලෙක් නේ කෙල්ලෙක් විදියට ඉන්න කියල. මොකද මේ රශ්මි හැසිරෙන්නෙම කොල්ලෙක් වගේ. 😄😄 හැබැයි රශ්මිගේ තාත්තා රශ්මිට ෆුල් සපෝට්. රශ්මි දුවනවට තාත්තා කැමතියි. රශ්මි කොච්චර වේගවත්ද කියනව නම් එයාගේ තාත්තා එයාට කියන්නේ රොකට් කියලා. රශ්මිගේ අම්මා බර බරේ දැම්මට රශ්මි නම් කවදාවත් කියන දේ නම් ඇහුවේ නෑ. හැබැයි ඉතින් හරි ආදරෙන් ඉන්න පවුලක් තමයි මේ. හදිසි අනතුරක් නිසා රශ්මිගේ තාත්තා රශ්මිගේ ඇස් ඉස්සරහම නැතිවෙනවා. ඒ කම්පනයත් එක්ක රශ්මි හැමදාටම දිවීමට සමුදෙනවා. කාලයත් එක්ක රශ්මි දැන් ලොකු කෙල්ලෙක් වෙනවා. රශ්මි ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. එහෙම රශ්මිට කැප්ටන් ගගන්ව හම්බවෙනවා. ගගන් ගේ ධෛර්ය පෙරැත්ත මත රශ්මි මලල ක්රීඩා වලට සහභාගි වෙනවා. එදායින් පස්සේ රශ්මි හැම තරඟයකින්ම ශූරිය බවට පත් වෙනවා. මෙතෙක් කල් තිබුනු හැම රෙකෝඩ් එකක්ම රශ්මි කඩනවා. මේ වෙනකන් රශ්මි තියන රෙකෝඩ් කාටවත්ම කඩන්න බැරි වෙනවා. රශ්මි එන්න කලින් ශූරිය උන නිහාරිකා ගේ තාත්තා මේ තරඟාවලි සංගමයේ කොටස් කාරයෙක්. තමන්ගේ දුවට තිබුනු තැන නැති වුන එකට නම් ඔහු වැඩි කැමැත්තක් නම් දක්වන්නෑ. තරඟා වලි කීපයකින්ම පස්සේ 2014 ඔක්තෝබර් 05 වෙනිදා රශ්මිට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද කියල ඔයාලම චිත්රපටය බලලා දැනගන්න. මෙතනින් එහාට මං කතාව ගැන නම් විස්තර කරන්න යන්නෑ… මොකද මෙතනින් තමා කතාව පටන් ගන්නේ.