කාන්තාවක් පොලීසියට ඇවිත් පැමිණිල්ලක් දානවා තමන්ගේ දුව තාම වැඩ ඇරිල ගෙදර ආවේ නෑ, හැමතැනකම හොයල බැලුවත් කිසිම හෝඩුවාවක් ලැබුණෙ නෑ කියල. පැමිණිල්ල ලියාගෙන විමසීම් කෙරෙන අතරේ පොලීසිය ගැහැණු ළමයෙකුගේ මළ සිරුරක් හොයාගන්නවා. දිව්‍යා අයි.පී.එස්. පුහුණුව ඉවරවෙලා තනතුරේ වැඩ බාරගන්න තියෙද්දිම එයයි යාළුවෝ දෙන්නෙකුයි කාර් එකෙන් එළියට ගියපු අවස්තාවක හදිසි අනතුරක් වෙලා දිව්‍යාගෙ ඇස් දෙක අන්ධ භාවයට පත් වෙනවා. තාත්තාගෙ හීනය වුණේ දිව්‍යාව කොහොමහරි අයි.පී.එස්. කෙනෙක් කරන එක. තාත්තගෙ හීනය කොහොම හරි ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්න අතරේ ආශ්‍රමයයට ගිහින් එන අතරේ නන්නාඳුනන පුද්ගලයෙකුගේ පැහැරගැනීමකට ලක් වෙනවා. එතනින් පැනගන්න දරන උත්සාහයේදි ඒ පුද්ගලයා අතින් ගැහැණු ළමයෙක් කාර් එකට හැප්පෙනවා. ඒ බල්ලෙක් කියල කිව්වත් දිව්‍යාට ඇහෙනවා ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් වාහනයේ හැප්පෙනකොට. මෙතනින් වෙන සටනෙදි දිව්‍යා ඒ පුද්ගලයාගෙන් බේරෙනවා. ඒ බේරුණත් අන්තිමේදි මොකද වෙන්නෙ කියල අපි බලමු.
