චෙන්ග් කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මේ චෙන්ග් වසර ගානක් තිස්සේ සැලසුම් කරලා රටෙහි ඉන්න නමගිය අපරාධකරුවෙක් කොටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නයි සූදානමින් ඉන්නෙ. නමුත් යම් අවාසනාවන්ත සිද්ධියක් නිසාවෙන් එම මෙහෙයුම දියත් වෙන මොහොතේ ඒ සදහා සහභාගී වෙන්න ඔහුට අවස්ථාව ලැබෙන්නේ නෑ. කොහොම නමුත් ඔහුගේ සගයින් ඔහු නොමැතිව මෙහෙයුම සදහා පිටත් වෙනවා. නමුත් ඔවුන් අපේක්ෂා කළ ආකාරයට මෙහෙයුම සිද්ධ කරගන්න ලැබෙන්නෙ නැහැ.
වසර ගාණක සැලැස්මකින් පස්සේ කොටු කරගන්න ගිය අපරාධකරුට තෙවන පාර්ශවයක් විසින් පහර දෙනවා වගේම මේ තුන්වැනි පාර්ශවය පොලිසියේ පිරිසටත් පහර දෙනවා. නොසිතු ප්‍රහාරයකට ලක් වෙන පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් මේ ප්‍රහාරයෙන් ජිවිතවලින් සමුගන්නවා. ඒ අතරේ චෙන්ග්ගේ මිත්‍රයෙක්ද සිටිනවා. ඉතින් ඊට පස්සේ චෙන්ග්ට බාර වෙනවා මේ පිරිස කවුරුන්ද කියලා සෙවීමේ වගකීම. ඉතින් ඒක චෙන්ග් අපේක්ෂා කරන අකාරයටම ඉෂ්ට කරගන්නත් විවිධ බාධා එල්ල වෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ඉහළ නිලධාරීන්ගෙන් එහෙමත්.
පොලිසියට පහර දෙන්න නිර්භීත පිරිස කවුරුන්ද? ඔවුන් පොලිස් සැලසුම් දැන ගත්තේ කෙසේද? මේ ප්‍රහාරය අහම්බයකින් එල්ල වූවක්ද? එහෙමත් නැතිනම් පොලිසියෙන් පළිගැනීමේ අටියෙන් එල්ල වූවක්ද? සැබෑවටම අපරාධකරුවන් කවුරුන්ද යන්න චෙන්ග්ට හොයාගන්න හැකි වෙයිද කියලා කට්ටිය බලලම දැනගන්න.