කථාව දෙසට හැරුණම ආධිත්‍යා කියන්නේ, ලෝක ප්‍රසිද්ධ වුණු, අත බලා සාස්තර කියන්නෙක්. ඒ කියන්නෙ අනාගතේ දකින කෙනෙක්.ඔහු ගැන කියනව නම් ඔහුගෙ අතේ ආදර රාඛාවක් නැහැ වගේම ඉස්සරහට සිද්ධ වෙන සියල්ලම දන්නා කෙනෙක්. අනාගතය කොහොමවත්ම වෙනස් කරන්න බැහැ කියන දැඩි තර්කෙක ඉන්න කෙනෙක්. ඉතිං දිනක් මොහුගෙ දෛවයට පටහැණිව තමා කාලය සෙල්ලමක් කරන්නේ. ඒ තමයි ප්‍රේරණා කියන ගැහැණූ ළමයව දකින්න ලැබෙනවා. ආධිත්‍යා පවා දන්නවා මෙය මොහුගේ දෛවයේ නැති සිදුවීමක් කියලා. නමුත් ඒක තේරෙන්නෙ නැහැ.
ඔහු නොදැනුවත්ව ඔහුම දෛවයට විරුද්ධව ඇයව මුණගැහෙන තැනටම පත්වෙනවා. ඉතිං ආධිත්‍යා කියන විදියට ඔහු ආදරෙ කරන්නෙ නැහැ. ආලපෑමක්, නැත්නම් ලයින් දෑමක් පමණයි කරන්නේ. නමුත් එය එසේම වෙයිද? ආදර රේඛාවක් නැති ආධිත්යාට ආදරයක්වත් ඇති වෙයිද? කථාවට අනුව මෙය දෛවයත් ආදරයත් අතරෙ සිදුවන යුද්ධයක්.
භාෂා කිහිපයකින් නිකුත් වුණු රාධෙ ෂ්‍යාම් කියන්නෙ ටිකක් සුරඟන කථාවක් වගෙ එකක්. ඇත්තටම ප්‍රභාස් කියන නළුවගෙ මට්ටමේ කථාවක් නෙවෙයි. පූජාට නම් ගැලපෙනවා සුන්දරත්වය නිසා. සිංදු වගේම ලස්සන දෙබස් වඩාත් රසවත්ව තියෙන්නෙ හින්දි ඩබින් එකේ තමයි. ඒකත් දුකට කරුණක්. ප්රාස්ගෙ එන්ට්‍රන්ස් එක එහෙම නම් ලස්සනට තියෙනවා.