පෙර සිනමාපටය මතක ඇතිනෙ, බ්ලැන්කා තමන්ගෙ වර්ගයාගේ කාර්යයක් ඉටු කිරීමට ඇවිල්ලා ඒකෙන් අසමත් වෙනවා. ඒ වගේම තුවාල ලබලා ඉන්න කොට එක්තරා මනුෂ්‍ය තරුණයෙකුට ඇයව මුණ ගැහෙනවා. ඒ වගේම ඊට පස්සේ මේ දෙන්නා ආදරෙන් බැදෙන ආකාරයත් බ්ලැන්කා සොයුරිය ඇයව රැගෙන එන්න පැමිණීමත් සහ ඉන් අනතුරුව ඇති වෙන මහා සටනත් ඒකෙන් සිද්ධ වෙනවා දේවල් එහෙමත්. හොදයි එහෙමනම් මේ සිනමාපටයට පාදක වෙන්නෙ එයින් පසු කාලෙක සිද්ධ වෙන සිදුවීමක්.
ඉතින් මේ සිනමාපටය ආරම්භයේ දැකගන්න ලැබෙනවා යළි ඉපදීමක් ලබන බ්ලැන්කාගෙ ප්‍රේමවන්තයාට සහ බ්ලැන්කාට දරුවෙක් සිටිනවා. ඒ වගේම ඔහු ඇයව හැර ගොස් ලයිෆෙන් පැගෝඩාවේ භික්ෂුවක යටතේ දිවි ගෙවන ආකාරයත්, බ්ලැන්කා සහ වර්ටා එහි පැමිණ ෆාහායි සමග ඇති කරගන්නා දරුණු සටනකින් අනතුරුව පරාජය ලබන බ්ලැන්කාට ලයිෆෙන් පැගෝඩාවේ සදාකාලික සිරකාරිත්වය උරුම වෙනවා. එයින් කෝප වෙන වර්ටාත් අනතුරුව ෆාහයි සමග සටනට පිවිසෙන අතර එයින් පරාද වෙන ඇයව අසුරවිලාව නම් වූ ආශාවන්හි දැඩිව එළඹ ගත් ආත්මයන් සැරි සරණ ලොවකට යැවෙනවා.
මේ ලෝකයේ තියෙන එකම නිතිය වෙන්නෙ ශක්තිවන්තයා පමණක් ජීවත් වීමයි. එහෙමනම් වර්ටාට මෙහිදි දිවි බේරාගැනීමට හැකියාවක් ලැබෙයිද? යළි තමන්ගේ ලෝකයට පැමිණ බ්ලැන්කාව මුදා ගැනීමට ඇයට හැකිවෙයිද? අසුරවිලාවේ රහස කුමක්ද? එහිදි ඇයට කුමන අභියෝගයකට මුහුණ පාන්නට වෙයිද කියන එක ඔයාලම බලලා දැනගන්න.