සමුරායි නගරයේ බන්ධනාගාරගත කරලා ඉන්න නමක්, ගමක් නොදන්න කුප්‍රකට අතිශය භයානක අපරාධකරුවෙක්ට මේ නගරයේ ඉන්න ධනවත් ආණ්ඩුකාරයා වැඩක් පවරනවා. ඒ තමයි තමන්ගේ භාරව ඉඳලා අතුරුදන් උන ඔහුගේ මිනිබිරිය වන “බර්නිස්” හොයාගන්න එක. ඉතිං මේ වගේ බිහිසුණු මිනිහෙක්ට තමන්ගේ මිනිබිරිය සොයන්න භාර දෙන්න කලින් මේ ධනවතා ආරක්ෂක ක්‍රියාමාර්ගක් කිහිපයකුත් ගන්නවා. මිනිබිරිය සොයා ගන්න දවස් තුනයි තියෙන්නේ. ඒ වගේම මේ අපරාධකාරයට ලෙදර් වලින් නිමවුන ජැකට් එකක් සහිත කලිසමක් අන්දනවා. මේ ඇඳුමේ අත් දෙකේ සහ කකුල්වල පුපුරණ ද්‍රව්‍ය සවිකරලයි තියෙන්නේ, කකුල්වල කිව්වට මරු තැනක තමයි මේ පුපුරණ ද්‍රව්‍ය තියෙන්නේ. දවස් 3ක් ඇතුලට ඇයව හොයාගෙන ඇයගේ නම ඇඳුමට සම්බන්ධ මයික්‍රෆෝනයෙන් පැවසුවේ නැත්තම් මේ ඇඳුම පුපුරණවා. ඒ වගේම කාන්තාවකට සැර පරුෂව සැලකුවොත් මේ ඇඳුමේ තියන ස්නායු සංවේදක ක්‍රියාත්මක වෙලා මේ ඇඳුම පුපුරනවා. ඉතිං දවස් 3ක් ඇතුලත සාර්ථකව තම මිනිබිරිය සොයාගෙන ඇවිත් භාර දුන්නොත් මේ අපරාධකරුවට සම්පූර්ණ නිදහස ලැබෙනවා.
