මෙම චිත්‍රපටය පුරා දිවෙන්නේ අමුතු දුරකථන ඇමතුමක් එහෙමත් නැත්නම් කාලය හරහා ලැබෙන දුරකථන ඇමතුමක් හා ඒ වටා ගෙතෙන කතාවක් ගැන. ටිකක් විතර කිවුවොත් චින්නු කියන්නේ අපේ කතා නායකයා. මෙයාට ආසාව තියෙන්නේ මාධ්‍යවේදියෙක් වෙන්න. අනාථ දරුවෙක් විදිහට හැදෙන මේ චින්නුට මාධ්‍යවේදියෙක් වෙන්න උත්සහ කරනකොට වුන ඇබැද්දියක් නිසා කුලීයට හිටිය ගෙදරින් යන්න සිද්ධ වෙනවා.
ඉතින් එහෙම යන්නේ අවුරුදු ගානක් පරණ ගෙදරකට. ඉතින් මේ ගදරට ගිය අලුත මේ ගෙදර තියෙන පරණ දුරකථනයට ගෑණු ළමයෙක්ගෙන් කෝල් එකක් එනවා. වැරදි නම්බර් එකක් කියලා තිබ්බත් මොකද ඒ ෆෝන් එකෙන් ගන්න හැම කෝල් එකක්ම එන්නේ මේ චින්නු ඉන්න ගෙදර තියන ෆෝන් එකට. ඉතින් චින්නුට අමුත්තක් දැනුනත් දවසක් දෙකක් කතා කර කර ඉන්නකොට ගෙදර අයිතිකාරයා ඇවිත් අහනවා මෙයාට පිස්සුද කියලා. මොකද ඒ දුරකථනය විසන්ධි කරලා අවුරුදු 25කටත් වඩා වන නිසා.
ඒ කෝල් කරපු ගෑණු ළමයා කවුද? මේ දුරකථනයේ ඇති විශේෂත්වය මොකක්ද? තව විසඳගන්න ප්‍රශ්න ගොඩයි. ඉතින් මේ කුතුහලය පිරුණු කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්නවා.
Play Back (2021) Sinhala Subtitles | අතීතෙන් ලද ඇමතුම [සිංහල උපසිරසි]