චාරු නම් 23 හැවිරිදි තරුණ ගැහැණු ළමයෙක් තමන් නැවතිලා ඉන්න මහල් නිවාසයේ කාමරය තුළදී අත කපාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ මහල් නිවාසයේම වුණ 3 වෙනි සියදිවි හානි කර ගැනීම නිසා පොලිස් පරීක්ෂණ ආරම්භ කරන්න පටන් ගන්නවා. පරීක්ෂණ වලින් දැනගන්නවා වයිෆයි කැමරා මගින් ගැහැණු ළමයින්ගේ හොරෙන් අරගන්න වීඩියෝ, එතකොට ගැහැණු ළමයි බොරු ආදර සම්බන්ධතා ඇතිකරගෙන ඔවුන් සමග ගන්න පින්තූර, වීඩීයෝ මගින් ඔවුන්ව වෙනත් ලිංගික කටයුතු වලට පොළබවා ගැනීම් වැනි දේවල් කරන කණ්ඩායක් ගැන. එහේ ප්රධානියා වෙන්නේ අප්රිකානු පුද්ගලයෙක්. කණ්ඩායමේ එකිනෙකාට නොදැනෙන විදියට ශූක්ෂමව ඔහු මේ වැඩේ කරගෙන යනවා. මේ ගැන පරීක්ෂණ පවත්වන වරුන් මේ ඔවුන්ගේ කණ්ඩායමේ සගයන් කීප දෙනෙක් අල්ලගෙන ඔවුන්ගේ මාර්ගයෙන් ප්රධානියව අල්ලගන්න ගන්න උත්සාහයේදි එම අප්රිකානුවා අතින් එම පොලිස් නිළධාරියා ඝාතනයට ලක්වෙනවා. එතැන් සිට පරීක්ෂණ කරන්න පත් කරන්නේ ප්රතාප් කියල නිළධාරියෙක්.
