එම්.එස්.ආර්. සහ නිර්මලා පිටදේශක්කාරයින් එක්ක එකතුවෙලා මාරාන්තික වෛරසයක් බෝ කරලා එයින් අධික ලාභ උපයන්න තීරණය කළා. ඒක එක්කෙනෙකුට දීලා එමගින් අනෙක් අයටත් බෝ කරන්න හිතාගෙන එයාලගෙ ඉස්පිරිතාලෙට ඇතුළ් වුණ වයිරමනී නම් පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුළ් කරලා පාරක ගිහින් දැම්මා. මෙයාගෙ ලෙඩේ අසාධ්‍ය තත්වයට පත් වෙමින් තිබුණා. මෙයාව හොයාගන්න පට්ටුමේල බංගලාවේ කට්ටිය අරන් ගිහින් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. පට්ටුමේල බංගලාවේ අය නොමිලේම ප්‍රතිකාර ලබා දෙන දහස් ගානක් සුව කරපු පවුලක්. පට්ටුමේල බංගලාව අවට අක්කර 100ක් පුරා පැතිරිලා තියෙන දුර්ලභ බෙහෙත් ඖෂධ වලින් පරිපූර්ණ වෙච්ච තැනක්. මරණෙන් නැගිට්ට වයිරමනි සිය දහස් වාරයක් තමන්ට ප්‍රතිකාර කරපු සබාපතිගේ පවුලට ස්තූතිය පුද කළා. කොහොමහරි මේ වෛරසය සුව කරන්න පුලුවන් බෙහෙත් පට්ටුමේල බංගලාව අවටින් හොයාගන්න පුලුවන් බව දැනගන්න එම්.එස්.ආර්. සහ නිර්මලා මේ බංගලාව මිලදී ගන්න දත කනවා. සබාපති කීයටවත් මේ බංගලාව විකුණන්නේ නෑ කියල කිව්වත් හොදින් හෝ නරකින් හෝ මේ බංගලාව අරගන්න උත්සාහ කරනවා. එහෙනම් ඉතින් අපි බලමු මේ බංගලාව අරගන්න පුලුවන්ද ? කවුද මේ බංගලාවේ හොල්මන් කරන්නෙ කියල