මාගොට්… මාගොට් කියන්නේ තමන්ගේ ඇත්ත දෙමාපියන් කවුද කියලා නොදැන හැදී වැඩෙන ගෑනු ලමයෙක්. වෙලා තියෙන්නේ මාගොට් ගේ ඇත්ත මව මාගොට්ව රෝහලක් ඉස්සරහා දාලා යනවා ඇය පුංචි කාලෙම. රෝහලේ CCTV දර්ශනයක මේක පටිගත වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මේ විඩියෝ එක මාගොට් ගාව තියෙනවා. මාගොට් ට ඕනේ කොහොම හරි “තමන් කොහේ කෙනෙක්ද? ඇයි අම්මා තමන්ව එහෙම දාලා ගියේ?” වගේ කරුණු කාරණා ටික දැනගන්න. මේක වාර්තාගත චිත්රපටයක් රූගත කිරීමක් එක්ක සිද්ධ කරන්නයි මාගොට්ට ඕන වෙන්නේ. මේ වැඩේට මාගොට් ක්රිස්ව යොදාගන්නවා. ක්රිස් තමයි ගොඩක් දුරට රූගත කිරීම් කරන්නේ. ඉතිං මේ වැඩේ හරියට කරගන්න මෙයාලට බේලස් ගමට යන්න සිද්ධ වෙනවා. එහෙ තමයි මාගොට් ගේ අම්මා ජීවත් වෙලා තියෙන්නේ. එයාලා අමිෂ්ලා මිනිස්සු. මොකක් හරි ජාතියක් කුලයක් වෙන්න පුලුවන්. (මං නම් ඒ ගැන හරියට දන්නෑ 🤔) බේලස් ගමට යන්න මෙයාලට මාගොට් ගේ ඥාති සහෝදරයෙක් වන සැමුවෙල්ට එහෙමත් නැත්නම් සෑම්ට එන්න කියනවා……
හෝව්! හෝව්! ඔයිට වඩා නම් කතාව ගැන කියන්න යන්නෑ. මොකද එතකොට කතාවේ තියෙන කුතුහලය නැති වෙන හින්දා. ෆිල්ම් එක බලද්දි ඔයාලටත් මට වගේම මුලදි එච්චර ලොකු ගතියක් ෆිල්ම් එකේ නෑ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි අන්තිම විනාඩි 30 ඇතුලත මුළු කතාවම කනපිට පෙරලිලා තමයි නවතින්නේ. ඒක ඉතිං ෆිල්ම් එක ඔයාලට බලලම දැනගන්න පුලුවන්. “අනිවාරෙන් බලන්න කියලත් මතක් කරනවා.” 😉😉