ඉංග්‍රීසි චිත්‍රපටි

Paradise Now (2005) Sinhala Subtitles | පාරාදීසය ගිනිගනී… [සිංහල උපසිරසි]

” මිතුරන් දෙදෙනෙකුගේ,
මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනෙකුගේ,
ප්‍රංශ යුවතියකගේ,
ත්‍රස්ත නායකයෙකුගේ,
ජීවිත දෛවෝපසහගත ලෙස එකට බැදී පැවතුනේ
පලස්තීන සටන්කාමීන්ගේ,
සහ
ඊශ්‍රායල හමුදා සෙබලුන්ගේ
නොනවත්නා වෛරී සංග්‍රාමයක් සමඟයි…

සතුරන්, මිතුරන් සහ පාවාදෙන්නන් අතරේ දිවගිය ලොවට නොකියූ කතාවක්,
අවසරයි නරඹන්න ” පාරාදීසය ගිනිගනී…! “

පලස්තීන සිනමාව ලොවට ගෙනගිය මැජික් සිනමාකරුවා එහෙමත් නැත්තං “Hany Abu-Assad”ම ලියලා අධ්‍යක්ෂණය කරපු මේ සිනමා සිත්තමට ඊශ්‍රායලයෙන් වගේම පලස්තීන සටන්කාමීන්ගෙන්ද එල්ල උනේ බලවත් විරෝධයක්. ඊශ්‍රායල ආරක්ෂක වළලු ආසන්නයේ බිම්බෝම්බ වැපිරූ බිමක සුවහසක් තර්ජන ගර්ජන මැද රූගත කෙරුන මේ සිනමා සිත්තමේ දර්ශන තලයට වරක් ඊශ්‍රායලය විසින් සිය හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් රොකට් ප්‍රහාරයක් පවා එල්ල කලා. තවද පලස්තීන සටන්කාමීන් විසින් මේ සිනමා සිත්තමේ පසුතල සැකසුම් ප්‍රධානියාව පැහැරගෙන ගිය අතර අවසානයේ ඔහුගේ දිවි බේරා ගැනුනේද එවකට පලස්තීන ජනාධිපතිවරයා වූ යසර් අර්ෆත් මහතාගේ පවා මැදිහත්වීම මතයි. ජීවිත ආශාව නිසාම බොහෝ කාර්මික ශිල්පීන්, නිර්මාණකරුවන් මේ නිර්මාණය අතර මගදී හැර ගියා. නමුත් අවසානයේදී මේ සිනමා නිර්මාණය නතරවෙන්නෙ ඒ අවුරුද්දෙදි ඔස්කාර් (Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe)සම්මාන උළෙල ද්විත්වයේදීම හොඳම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානයට නිර්දේශ වෙමින් සහ ඒ අතුරින් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම විදෙස් භාෂා සිනමාපටයට හිමි සම්මානයත් දිනා ගනිමින්. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායල රජයේ දැඩි විරෝධතා හා වාරණයන් හමුවේ උවත් ලොව පුරා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් රැසක් නියෝජනය කරමින් විවිධාකාරයේ සම්මානයන් 13ක් ජයග්‍රහණය කරමින් සහ තවත් සම්මානයන් 17කට නිර්දේශ වන්නටත් මේ සිනමා සිත්තම වාසනාවන්ත වනවා. පලස්තීන ඉතිහාසයේ අන්තර්ජාතික ප්‍රධාන සිනමා සම්මානක් සදහා නිර්දේශ වූ සහ දිනාගත් පළමු සිනමා නිර්මාණය බවට පත් වූයේ දහසක් දුක් කම්කටොලු බාධා සහ වාරණයන් මද්‍යයේයි. සරළවම කිව්වොත් පලස්තීන සිනමාව කියා දෙයක් තිබෙන බව ලොවට කියාපෑ සිනමා සිත්තම බවට පිළිගැනෙන්නේ මේ සිනමා සිත්තමයි.

Leave a Reply

Your email address will not be published.