චිත්‍රපටි දමිළ

Pandrikku Nandri Solli (2022) Sinhala Subtitles | මෝඩයින්ගේ උප්පරවැට්ටිය සාර්ථක වේවිද? [සිංහල උපසිරසි]

දේවරාජ් චිත්‍රපටයක් අධ්‍යක්ෂකවරයෙකු කිරීමේ බලාපොරොත්තුවෙන්, තිර පිටපතක් නිර්මාණය කර, නිෂ්පාදකවරයෙක් හමුවීමට යනවා. එහිදී දේවරාජ් ව්‍යාපාරිකයෙකු හමුවනවා. ඒත් ව්‍යාපාරිකයා දේවරාජ්ගේ පිටපත මිලදී ගෙන ඒ වෙනුවෙන් මුදල් ලබා දෙන්න සූදානම් වුණා. දේවා කිසිසේත්ම එයට කැමැත්තක් දැක්වුවේ නැහැ. දිගින් දිගටම ඇතිවූ අපහසුතා නිසා චිත්‍රපට පිටපත ව්‍යාපාරිකයාට දෙන්න දේවා කැමති වෙනවා. දේවාගේ පිටපත විකිණීමට ව්‍යාපාරිකයා කී ස්ථානයට දේවා ඇතුලු වනවා. විකිණුම සිදු කිරීමට ආසන්නව තිබියදී දේවා පසුපසින් ආ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් එතැනට කඩා වදිනවා. පොලිසිය හා අනෙක් පාර්ශවය වූ සාගාවරම් අතරේ වෙඩි හුවමාරුවක් ඇති වනවා. කොහොමින් හරි පාර්ශව තුනම ආරක්ෂිත ස්ථානයකට වනවා. එකිනෙකා අතරේ වාද ඇතිවෙද්දි දැනගන්නට ලැබුණේ පොලිසිය දේවාව ලුහුබැඳ ආවේ දේවා ලඟ තිබුණ ගිනි පෙට්ටියක් අරගන්න කියලා. ඇත්තම හේතුව ඒ ගිනි පෙට්ටිය ඇතුලෙ තිබුණ බෙහෙත් කරලක්. ඒ වගේම බෙහෙත් කරල් තුනක් ගැනත්, රත්තරන් ඌරු පිළිමයක් ගැනත් ඔවුන්ගෙන් දේවාට දැනගන්න ලැබෙනවා. බෙහෙත් කරලේ වටිනාකම ඉතා ඉහළයි කියලා වැටහුණ දේවා ඒ කරල අරගෙන එතැනින් පැනගන්නවා. එතැනින් පැනගත් දේවා ආයෙමත් සාගාවරම් අතට අහුවෙනවා. වාසනාවකට තුවක්කුවක් අතට ලැබුණ දේවා ආයෙත් සාගාවරම්ගෙන් ගැලවෙනවා. තමන්ගේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් තරම් මුදලක් රැගෙන යන්නට දේවා පෙරදී හිතුවත් සාගාවරම් හා පොලිසියේ කරදර වලට හසුවීම නිසා ඔහුගේ තීරණය වෙනස් කරනවා. දේවා තර්ජනය කරමින් පොලිස් නිලධාරින්ගෙන් සහ සාගාවරම්ගෙන් ඉල්ලීමක් කරනවා. තුන් ගොල්ලො එකතුවෙලා ඒ කෝටි ගණනක රත්තරන් ඌරු පිළිමය හොයාගෙන වටිනාකම තුනට බෙදාගන්න. අනිත් පාර්ශව දෙකත් වෙනත් විකල්පයක් නැති නිසාම දේවාගේ යෝජනාවට කැමති වෙනවා. මේ කල්ලි තුන පිළිමය හොයාගත්තද කියන එකයි කතාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *