මේ කතාව ගැන කියනවා නම්, BTech උපාධිදාරින් වන ඇන්ටනී (Balu Varghese) විනයදාසන් (Lukman) ජීවත් වෙන්නේ කෝචි නගරයේ. රැකියා විරහිත නමුත් දක්ෂ තරුණයින් දෙන්නෙක්. මොවුන් රැකියා විරහිත භාවය, මුදල් අගහිඟකම් නිසා මුහුණපාන ආර්ථික ගැටළු වලට වගේම තමන්ගේ නිවසින් වගේම අවට සමාජයෙන් එල්ලවෙන පීඩනයෙන් බොහෝ දුෂ්කර ජීවිතයක් ගෙවන තරුණයින් දෙදෙනෙක්.
Premam චිත්රපටිය ප්රදර්ශනයට පෙර අන්තර්ජාලයට නිකුත් වූ පිටපතක් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන කෝචි සයිබර් අපරාධ අංශය, ඇන්ටනී හා විනයදාසන්ගේ සහය ඇතිව එම අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම සමත් වෙනවා. මෙම විමර්ශනයෙන් අනතුරුව සයිබර් අපරාධ විමර්ශන අංශයට පුහුණ නිලධාරින් ලෙස තාවකාලික රැකියා අවස්ථාවක් ඇන්ටනීට හා විනයදාසන්ට හිමිවෙනවා. ඉන් අනතුරුව මේ දෙන්නාගේ හීන, බලාපොරොත්තු ඉෂ්ඨ වෙයිද? සයිබර් අපරාධ අංශය ඇන්ටනී, විනයදාසන්ගේ උදව්වෙන් මොන වගේ විමර්ශනයන් සිදු කරයිද කියලා Operation Java බලලම දැන ගමු.
Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි]