ඉංග්‍රීසි චිත්‍රපටි

Once Upon a Time in China II (1992) AKA Wong Fei Hung II: Nam yee tung chi keung Sinhala Subtitles | එකමත් එක කාලෙක චීනය : දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

කතාව පටන් ගන්නේ වොන්ග් ෆෙයි හන්ග් තම උපන් බිම අතහැරලා වෛද්‍ය සම්මන්ත්‍රණයකට හොන්ග් කොන්ග් එන අවස්ථාවෙන්. මෙහෙම එන මෙයාට අලුත් යාලුවෙක් හමබෙනවා, සන් වේන් කියලා. මෙයාගේ අරමුණ තමා පවතින ක්වීන් රජය පෙරළා දාලා චීන ජනරජයක් පිහිටවන එක. ඒවගේම අපේ මාස්ටර්ට මුලින් ෆිලුමේ හිටිය පරණ යාලුවෙකුත් හම්බවෙනවා, හැබැයි ඉතින් අන්තිමට මේ පරණ යාලුවට මාස්ටර් අතින්ම මැරෙන්න වෙලා තමා කතාව ඉවර වෙන්නෙ. මේ කතාවේ මාස්ටර් වොන්ග්ගේ අනෙක් සතුරා වෙන්නේ සුදු නෙළුම් සමාජය කියලා නිකායක්. මේගොල්ලෝ චීන සංස්කෘතියට අදාළ නොවේ යැයි තමන්ට හිතෙන දේවල් විනාශ කර කර යන සටන් කලාව දන්න කල්ලියක්. පුරුදු පරිදි මේගොල්ලොත් මාස්ටර් අතින් පරාද වෙනවා. ඉතුරු ටික කතාව බලලම තමා ඕගොල්ලොන්ට හොයා ගන්න වෙන්නේ.

Leave a Reply

Your email address will not be published.