ඇම්බර් කියන්නෙ මෙක්සිකෝවෙ ජීවත් වෙන කෙල්ලෙක්. ඇය තමන්ගෙ ජීවිතය ගැනවත් නොහිතා තමන්ගෙ අසනීප වුනු අම්මව අවුරුදු ගනණාවක් තිස්සෙ බලාගන්නවා. හැබැයි අන්තිමේදී අම්මා නැතිවෙනවා. ඉතින් මෙයාට දැන් කාත් කවුරුත්වත් නැහැ. ඉතින් ඇය තීරණයක් අරගන්නවා ඇමෙරිකාවට යන්න. හැබැයි මෙයා ඇමෙරිකාවට ඇතුළු වෙන්නෙ හොරෙන්. කොහොමහරි මෙයාට දැන් ID එකක්වත් නැහැ. පොලිසියට අහු වුණොත් හිරේ තමයි ලගින්න වෙන්නෙ. ඉතින් මෙයා කාටවත් අහුනොවී ජීවත් වෙනවා. ඒවගේම තමයි රස්සාවකුත් කරනවා. මෙයා ඒ කරන ගමන් ID එකක් යහළුවෙක් මාර්ගයෙන් හදාගන්න බලනවා. කොහොමහරි මෙයා ඉන්න ස්ථානය ID එකක් නොමැති වීම නිසා පන්නනවා. පස්සෙ මෙයාට දකින්න ලැබෙනවා අඩුවට තියෙන ගෙයක්. ඉතින් මෙයා වැඩ කරන ගමන් එකේ නවතිනවා. හැබැයි මේ ගේ හරිම අමුතුයි. රෑට අමුතු සද්ද ඇහෙනවා. මිනිස්සු පේනවා. මැරිච්ච අයව. ඒවගේම තමයි පෙට්ටගමකුත් තියෙනවා. නිකන්ම නිකන් එකක් කියලා තමයි පේන්නෙ. නමුත් එහෙම නැහැ. ඒත් මොකක්ද ඒ ? මොකක්ද මේකෙන් වෙන්නෙ? කොහොමද ඒක මෙතනට ආවේ? ඒ දේවල් දැනගන්න චිත්රපටය බලන්නම වෙනවා.