ඉංග්‍රීසි චිත්‍රපටි

No Exit (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඩාර්බි කියන්නේ මත්ද්‍ර‍ව්‍ය වලට ඇබ්බැහි උන ගැණු ළමයෙක්.. මේ නිසා එයාව මත්ද්‍ර‍ව්‍ය නිවාරණ කාර්යාලයක දාලා තමයි තියෙන්නේ.. එක දවසක් ඩාර්බිට ඇමතුමක් එනවා එයාගේ සහෝදරයාගෙන් එයාට කියනවා තමන්ගේ අම්මා ලොකු අසනිපයක් වෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. ඩාර්බිට ඉස්පිරිතාලේ යන්න උවමනා උනත් එතැනින් ඇයට යන්න දෙන්නේ නැහැ. මේ නිසා ඇය රෑ එතැනින් පැනලා යනවා එකේ තිබ්බ වාහනයකුත් පැහැරගෙන.. ඇය ඉස්පිරිතාලේට එන ගමනේදි රෑ හිම පතනය වැඩි නිසා පාරේ වාහනේ පදවන්න බැරි තරම් තත්වයක් උදා වෙනවා. මේ මොහොතේ තමයි පොලිසියේ කෙනෙක් එයාවත් එතැන ලග නවාතැන් පොලකට යවන්නේ.. මෙතැනට ඇය යද්දිම එහෙම මේ හිම පතනය නිසා යන්න බැරිව හිර උන හතර දෙනෙක් ඉන්නවා. කොහොම හරි එන්න එන්න හිම පතනය වැඩි නිසා මේ තාවකාලික නවාතැනේ ඩර්බි එක්ක අර හතර දෙනා නැවතිලා බලාගෙන ඉන්නවා. මේ නවාතැන් පලේම නවත්තලා තියන වැන් එකක අවුරුදු 12 ගැණු ළමයෙක් පැහැරගෙන දාගෙන ඇවිල්ලා ඉන්නේ. එහෙම අරන් ආපු කෙනාත් මේ සිව් දෙනා අතරම ඉන්නවා. ඉතින් මේ කෙනා කවුද? ඇයි මේ ගැණු ළමයෙක්ව පැහැරගෙන ඇවිල්ලා තියෙන්නේ.. මේක මේ නවතැන් පලේ ඉන්න අනික් කට්ටියට අහුවේවිද? දැනගන්න නම් අනිවාර්යෙන් මේක අරන් බලන්නම වෙනවා. මේකේ සිපගැනිමේ දර්ශනයක් ඇරෙන්න වෙන අවුලක් නැති නිසා පවුලේ හැමෝටම බලන්න පුලුවන්.

Leave a Reply

Your email address will not be published.