චිත්රපටය ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.. ඇලෙක්ස් කියන්නෙ හොල්මන් කතා ලියන්න කැමති ලමයෙක්. හැබැයි බය හිතෙන දේවල් වලට මෙයාගෙ තියෙන කැමැත්ත නිසා යාළුවො මෙයාව කොන් කරනවා. ඇලෙක්ස්ගෙ උපන්දින පාටියට කවුරුවත් ආවෙ නැති නිසා එයාගෙ කතන්දර පොත් ගිනි තියන්න තීරණය කරනවා. එහෙම හිතලා බිම් මහලට යන ඇලෙක්ස් ඇහැරෙන්නෙ මායාකාරියකගෙ ගෙදරක.
ඇලෙක්ස්ට ජීවත් වෙන්න ඕන නම් මායාකාරියට ප්රයෝජනවත් කෙනෙක් වෙන්න ඕන කියනවා. බය හිතෙන කතන්දර ලියන හැකියාව නිසා එයාගෙ ජීවිතේ බේරෙනවා. හැබැයි හැමදාම රෑට මායාකාරියට කතන්දරයක් කියන්න ඇලෙක්ස්ට සිද්ද වෙනවා. ඇලෙක්ස් ඉන්නෙ තනියම නෙමෙයි. යැස්මින් කියලා තව ගෑණු ළමයෙකුයි, ලෙනෝර් කියලා නොපෙනී යන්න පුළුවන් පූසෙකුත් ඉන්නවා. දවසක් සිද්ද වෙන අනතුරකින් ඇලෙක්ස්ගෙ කතන්දර පොත් සේරම විනාශ වෙනවා. අලුත් කතන්දර නැති නිසා ඇලෙක්ස් යැස්මින් එක්ක මායාකාරියගෙ ගෙදරින් පැනලා යන්න සැලසුම් කරනවා.