කතාව ගැන කිව්වොත් නම්, රියා කියන්නේ මාධ්‍යවේදිනියක්. රාජන් කියන ඇමතිවරයා කරපු රත්රන් වංචාවක් ගැන හෙළිදරව් කරපු නිසා මේ දවස් වල රියා ගැන කවුරුත් කතා වුණා. රියාට හිටියා පෙම්වතෙක්. එයා ටැක්සි එලවනවා. නම ජෝජි. එදා රියාගේ උපන්දින දවසේ දෙන්නා කතා වුණා රෑ එලි වෙනකම් වාහනේ එළවගෙන ඔහේ යමුයි කියලා. ඒ කියන්නේ Night Drive එකක්. දෙන්නා ගොඩක් දවස් ඉඳන් මේ ගමන සැලසුම් කරගෙනයි හිටියේ. ඉතින් රෑ මේ දෙන්නා මේ ගමන යන්න පටන් ගත්තා. එක එක තැන් වලට ගියා. ගොඩක් විනෝද වුණා. ඔය අතරේ තමා මේ රැයම කාලකන්නි කරවන සිදුවීමක් වෙන්නේ. රියාගෙයි ජෝජිගෙයිඒ රාත්‍රිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගන්නවා. එතනින් එහාට ඉතින් කතාව බලලම දැනගන්න එක තමා හොඳ.
