ආදි යාළුවොත් එක්ක බාර් එකේ විනෝද වෙවි ඉන්න ගමන් යාළුවෝ ඔහුව මත්ද්‍රව්‍ය වලට පොළොබවා ගන්න උත්සාහ කරනව. නමුත් ආදි එවට අහුවෙන්නෙ නැතුව විනෝද වෙන ගමන් ඉන්න අතරේ හදිස්සියේම කඩා වදින සී.බී. නිළධාරිණිය ආදිව අරගෙන යන්න උත්සාහ කරනව. බැලින්නම් ඒ ආදිගෙ අක්කා. ඒ යන්නෙත් ආදිට මාංචු දාල බලෙන් වගේ. යන අතරතුරේ ආදි මාංචු ගලවන්න යතුර ගන්න දරන උත්සාහයෙදි කාර් එකේ පාලනය දුර්ගා අතින් ගිලිහි ගිහින් වාහනය පෙරළිලා ඒ අනතුරෙන් දුර්ගට, දුර්ගාගේ ඇස් දෙකත්, දුර්ගගෙ මල්ලිත් අහිමි වෙනවා. මල්ලිගෙ අන්ත්‍රාවීමට හේතුව තමන් කියල හිතාගෙන දුර්ගා දුකෙන් කාලය ගත කරන්නෙ තමන්ට ඇස් දෙකක් දෙන දායකයකු ලැබෙන අවස්ථාවක් එනතුරු බලාගෙන හිටියත් අවස්ථාවක් ලැබුණේ නැහැ. දවසක් දුර්ගා කෝල් ටැක්සියකට කතා කරල එනකන් බලාගෙන හිටියත් සෑහෙන වෙලාවක් යනතුරුත් ආවේ නෑ. ඔය අතරෙ ඔතනනින් කාර් එකේ යන අපේ කතාවේ දුෂ්ට කාම විකෘතිකයා ඇස් නොපෙනෙන දුර්ගාව වැස්සේ බන් නැවතුමක ඉන්නව දකිනව. ඔහු කාර් එක දුර්ගා සමීපයට අරගෙන යනකොට ඇස් නොපෙනෙන දුර්ගා හිතන්නෙ ඒ කෝල් ටැක්සියක් කියල. අර මෘගයා දුර්ගව කාර් එකේ නංගගෙන පැහැරගැනීමකට උත්සාහ දරනව.