කතාව ගැන කිව්වොත් එහෙම රාධා කියන්නේ නර්තනය හදාරන ගැණු ළමයෙක්… රාධා කැම්පස් එකේ කැමැති කොල්ලෙක් ඉන්නවා එයා තමයි රාම්. රාධා නිතරම රාම් පස්සේ ගියාත් රාම් නම් ලොකුවට රාධාට කැමැත්තක් පෙන්වන්නේ නැහැ. මොකද රාම් කියන්නේ කැම්පස් එකේ ශිෂ්‍ය ක්‍රියාකාරි සමාජියන්ගේ නායකයා… කොහොම හරි දවසක් රාධාට කැම්පස් එකේ ව්‍යාපෘතියකට හැම් රේඩියෝ එකක් ලැබෙනවා. රාධා ඉතින් මේක ගෙදර ගිහින් ඔන් කරන් ඉද්දි ඒකට එකපාරටම කෙනෙක්ගෙන් ඇමතුමක් එනවා. ඒ තමයි ක්‍රිෂ්නා ගෙන්. මේ දෙන්නා ඉතින් රේඩියෝව හරහා කතා බහා කරලා යාළුකමක් ගොඩ නගා ගන්නවා… මේ කතා බාහා නිසා රාම් ගැනත් රාධාගේ හිතේ අර තිබ්බ ලොකු ආදරය ටිකෙන් ටික අඩුවෙනවාදෝ කියලාත් හිතනවා.හැබැයි මේ රේඩියෝව හරහා කතා කරන ක්රිෂ්නාටත් ගැණු ළමයෙක් ඉන්නවා වර්ෂා කියලා. වර්ෂාට නම් මේ රේඩියෝ කතාව ටිකක් එපා වෙලා ඉන්නේ. තමන්ගේ කොල්ලා මේ පරණ තාලේ රේඩියෝ එකක් අටවගෙන හැමදාම රෑට ගැණු ළමයෙක් කතා කරන නිසා…..කොහොම හරි ක්‍රිෂ්නා වර්ෂාට හොරෙන් රාධාට කියනවා දවසක අපි හම්බවෙමු කියලා. රාධාත් ඒකට කැමැති වෙනවා… මේ දෙන්නාම තැනක් ගැන කතා කරලා එන්න කියලා එතැනට හම්බවෙන්න යනවා… ඔන්න ඔතැනින් එහාට නම් වෙන සිදුවිම ඔයාලාටත් හිතාගන්න බැරි වේවි. මේකේ ට්‍රේලර් එක හෝ කතාව ගැන පොඩ්ඩක්වත් දන්නේ නැත්නම් එවා ගැන හොයන්නේ නැතුව චිත්‍රපටිය බැලුවොත් චිත්‍රපටියේ කුතුහලය දනවන සිදුවිම් ටික ලස්සනට විදින්න පුලුවන් වේවි.. එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍රපටියක් අරන්
