කතාව ගැන පොඩ්ඩක් කියනවා නම්, ප්‍රවීන් මයිකල් (Kunchako Boban) පොලිස් නිලධාරියෙක්, ඔහු පිරොවුම් පොලිස් ස්ථානයට සේවා මාරුවක් ලැබ ඒඑස්අයි මනියන්ගේ (Joju George) සහයකයා විදියට සේවයට එකතු වෙනවා. එම පොලිස් ස්ථානයේම සේවය කරන සීපීඕ සුනීතාට (Nimisha Sajayan) ඇයගේ ඥාති වෙන මැරයන් පිරිසකගෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙන කරදර හින්දා ඇය ඒ ගැන තමන් සේවය කරන පොලිස් ස්ථානයට පැමිණිලි කරනවා. මේ පැමිණිල්ල වෙනුවෙන් පොලිස් ස්ථානයට ආපු මැරයො පිරිස එක්ක ප්‍රවීන් සහ මනියන් දෙන්නාම රණ්ඩුවක් ඇති කරගෙන එක මැරයෙක්ව කූඩු කරත් දාලිත් කුලයේ එම පිරිස සම්බන්ධ දේශපාලන පක්ෂෙකින් ආපු බලපෑම උඩ එම මැරයා නිදහස් කරන්න පොලිසියට සිද්ධ වෙනවා.
මේ අතරෙදි රාත්‍රියේ විවාහ මංගල්‍යය සාදයකට ගිහින් එන මනියන්, ප්‍රවීන් සහ සුනීතා පැමිණි වාහනයේ හැප්පිලා පෙර සිද්ධියට අදාල දාලිත් කුලයට අයිති මැර කල්ලියේ ජයන් කියලා කෙනෙක් මිය යනවා. මේ සිද්ධියෙන් පස්සේ හැමදේම කනපිට හැරෙනවා. මනියන්, ප්‍රවීන් එක්ක සුනීතා පොලිස් ජංගම රථයකින් පැනලා යනවා. ඊට පස්සේ මොනවා වෙයිද? සමහරවිට මරණයවත් තමන්ට කැමති විදියට සිද්ධ නොවෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රවේශම් වෙන්න.
තවත් උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක් වේවා.
Nayattu (2021) Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි]