කාර්තික් කියන්නේ ලස්සන බිරිදක් සහ කටකාර දියනියක් ඉන්න තේ කර්මාන්ත ශාලාවක් තම මිත්රයෙක් සමග හවුලේ කරගෙන යන පුද්ගලයෙක්, පොඩි ගොත ගැහිල්ලකුත් තියෙනව. යාළුවගෙ නම ශිවා, මත් වතුරට ගිජු වුණ කෙනෙක්. කාර්යය බහුල ජීවිතයක් ගත කරන කාර්තික්ට හුගක් වෙලාවට බිරිඳ උයන කෑම එකවත් කන්න වෙලාවක් එන්නෙ නෑ, රැස්වීම් තිබ්බාම ඒවට එළියට යන්නයි ගත්තාම හුඟක් වෙලාවට ස්වාමියෙක් විදියට යම් යම් දේවල් මග හැරෙනවා.
ඉතින් ඔහොම කාළේ ගෙවෙද්දි කාර්තින් අදුනන දුරින් නෑ වෙන අයිය කෙනෙක් කතා කරල එයාගෙ පුතාටත් කාර්තික්ගෙ කර්මාන්ත ශාලාවෙම රස්සාවක් දෙන්න කියල ඉල්ලීමක් කරනව. ඉතින් කලගුණ දන්න පුද්ගලයෙක් විදියට ඒක පිළිගෙන එයාගෙ ගෙදරම නවත්තගෙන ගුරූ ට රස්සාවකුත් දෙනවා. දවසක් කාර්තික්ට රැස්වීමක් තියෙන දවසක ගෙදර ෆයිල් වගයක් අමතක වෙලා ගුරූව යවනව ඒව අරගෙන එන්න. ගුරූ ගෙදර ගිහින් ෆයිල් ටික අරගෙන එන්න හදනකොට කාර්තික්ගේ නිදන කාමරයෙන් පිරිමි කෙනෙකුයි ගැහැණු කෙනෙකුයි කතා කරන සද්දෙ නිසා හොරෙන් ගිහින් බලනව මොකද්ද ඒ කියල. දැකපු දෙයින් ගුරූට ඇස් අදහාගන්න බැරිව යනවා. කාර්තික්ගෙ ෆයිල් ගෙනැත් භාර දුන්නත් අර දැකපු දෙයින් ගුරූ තුස්නිම්භූත වෙලා දවස් කීපයකට පස්සේ කාර්තික්ට ලියුමක් ලියල තියල යාලුවෙක්ගෙ උපන්දිනේ දවසක පාටියකුත් දාල ගමට යන්න පිටත් වෙනවා. ඒ යන්නෙ යාළුවෙක්ගෙ මාමා කෙනෙක්ගෙ ජිප් එකක් ඉල්ලගෙන යාලුවෝ 4 දෙනා අරක්කුත් අරගෙන ගිහින් රෑ වෙනකම් බොනව.
බීල වෙරි මතේම වාහනේ අරගෙන යන්න පිටත් වෙනවා. පහුවදා පාන්දර කැළයක් අයිනට එළියට පහලියට යන්න එන මනුස්සයෙක් දකිනව බාගෙට පිච්චෙන මළ සිරුරක්. මොනවද මේ වෙන්නෙ ? කාගෙද ඒ පිච්චෙන මළ සිරුර? වෙරි මතෙන් යාළුවෝ 4 දෙනාට මොකද වුණේ? කාර්තික්ගෙ ගෙදරදි ගුරු දැක්කේ මොකද්ද? මේ සිද්ධි අතරේ සම්බන්ධයක් තියෙනවද? එහෙනම් දැන් ඔයාලගෙ වාරේ. ආයෙත් මුණ ගැහෙමු.