ඉංග්‍රීසි චිත්‍රපටි

Mother/Android (2021) Sinhala Subtitles | බිහිසුනු යකුන් මැදින් දරුවකු කුසින් දරා.. [සිංහල උපසිරැසි]

ඉතින් චිත්‍රපටය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්. ඇත්තම කිව්වොත් මේක ඇත්තටම අයත් වෙන්නෙ මොන ගනේට ද කියල මට තාම හිතා ගන්න අමාරුයි. මොකද එක පැත්තකින් හොරර්, තව පැත්තකින්, ඉතා සංවේදි කතා පුවතක්, තව පැත්තකින් ත්‍රාසය මුසු එකක්. ඒ නිසා පොදුවෙ මම ඒ තුනටම අයත් එකක් කියල කියන්නම් කෝ.

“ඇන්ඩ්‍රොයිඩ් “කියල කියන්නෙ ලේඛකයෙක් විසින් ලෝකෙට හදුන්වල දුන්න අලුත් තාක්ෂණයක්. ඒත්, අවාසනවාට ඒ තාක්ෂණය මුළු ලෝකෙටම තර්ජනයක් වන විදියට මුළු ලෝකෙම ආක්‍රමණය කරන්න හදනවා. වැඩේ පටන් ගන්නෙ නිව්‍ යෝක් නගරයෙන්. ඉතින් ඒ කරදරෙන් බේරෙන්න සෑම් සහ දරුවෙකුත් කුස දරා ගත් එයාගෙ පෙම්වතිය ජෝජියා, ආසියාතික රටකට යන්න. ඒ ඇන්ඩ්‍රොයිඩ් කියල කියන්න බිහිසුණු යකුන් මැදින් යන අතිශය මාරක ගමනක් තමා චිත්‍රපටයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ.

ඉතිං මේ චිත්‍රපටය Hulu කියන අපි කවුරුත් දන්න ආයතනයක් විසින් කරන ලද නිර්මාණයක්. අද වෙනකොට imdb අගය 4.8 ක් සහ රොටන් ටොමෑටෝස් අගය 32% පමණ ලබාගන්න සමත් වෙලා තියෙනව. ඉතිං චිත්‍රපටය ටිකක් අමුතු විදියෙ හොද නිර්මාණයක් කියල කියන්න පුළුවන්. පොඩ්ඩක් එපා වෙන ගතියක් තියෙයි. ඒත් කතාවනම් ලස්සනයි.

Leave a Reply

Your email address will not be published.