ඉරාකයේ අගනගරය වන බැග්ඩෑඩ් නුවර සිට කිලෝ මීටර් 400 ක් උතුරු දිගට වෙන්න පිහිටා තිබෙන මේ නගරය කාලයක් ලෝකයේ ප්‍රසිද්ධම වෙළඳ නගරයක් විදිහට වැජඹුණා. හැබැයි ඒ හැමදේම 2014 ජූනි මාසේ 4 වෙනිදා දක්වා විතරයි. ISIS ත්‍රස්ථයන් ගේ ප්‍රබල ප්‍රහාර වලට ලක්වුණු ඉරාක හමුදා පසුබසිමින් සිටි කාලයයි ඒ. 2014 ජූනි 10 වනදා වන විට හමුදා පාලනයෙන් මුලුමනින්ම තොර වූ මොසූල් නගරය අත්පත් කරගැනීමට ISIS ත්‍රස්ථයන් සමත් උනා. පලා යාමට නොහැකි වුණු නගරයේ රැඳී සිටි තම විරුද්ධවාදීන් සමූල ඝාතනය කරමින් ත්‍රස්ථයින් ගෙන ගිය කෲර වැඩ පිලිවෙලට එරෙහි වීමට කිසිවකුත් නොමැතිව, සියළුම හමුදා නගරය අතහැර ගොස් සිටි මොහොතක, එක් නිර්භීත පොලිස් කණ්ඩායමක්, SWAT Team (Special Weapons And Tactics Team), පලා නොගොස් නඟරය තුලම වෙසෙමින් හැකි පමණ ISIS ත්‍රස්ථයින් දඩයමේ යෙදුණා. මොසූල්! මේ ඔවුන්ගේ කතාවයි…