ඉංග්‍රීසි චිත්‍රපටි

Morbius (2022) Sinhala Subtitles | ප්‍රතිකාරයක් නිර්මාණය කල රාක්ෂයින්..

වැම්පයර් කෙනෙක් කියන්නෙ මිත්‍යාව හා මැදි ජීවියෙක් කිව්වොත් හරි. මේක සමහර අයට වැම්පයර් කියන වචනය අර්ථකථනය කරන විදිහට වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නොනැසී ඉන්න නම් මිනිස් රුධිරය අවශ්‍ය, හිරු එළියෙන් හානියට ලක් වන, රාත්‍රී කාලයේ එලි පහලට යන චරිතයක් විදිහට තමයි මෑත කාලයේ නිර්මාණය වුන නිර්මාණ වලන් වැම්පයර් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන් වෙන්නෙ. ශත වර්ෂ ගණනාවක් පුරාවට ජීවත්ව ඉන්න කවුන්ට් ඩ්‍රැකියුලා තමයි වැම්පයර්ලගේ නායකයා විදිහට හදුන්වන්නෙ.

ඔය කියන ගති ලක්ෂණ වලින් කිහිපයක්ම බෝමියස්ට තියෙනවා සහ එයාට ඒවා ලැබෙන්නෙ ප්‍රතිකාරයක අතුරු ඵලයක් විදිහට. ඒවගේම කලිනුත් කිව්වා වගේම මෝබියස්ට ඩ්‍රැකියුලා කෙනෙකුගේ ස්වරූපය, නොනැසී ඉන්න මිනිස් රුධිරය අවශ්‍ය වීම වගෙ ගති ලක්ෂණ වලින් සමාන වෙනවා. මීට අමතරව කොයි කවුරුත් අහලා තියෙන තමන්ගෙ වර්ගයා බෝ කරන්න නැව්ගත වෙලා එංගලන්තය බලා යන ඩ්‍රැකියුලාගේ සිදුවීමත්, තමන්ගෙ රෝගයට ප්‍රතිකාරයක් සොයමින් නැව්ගත වෙන මයිකල් මෝබියස්ගේ සිදුවීම් පෙලත් එක්තරා දුරකට සමානයි, හැබැයි මේ චරිත දෙකම නිරූපණය කරන්නෙ එකිනෙකට වෙනස් විදිහට.

Leave a Reply

Your email address will not be published.