චිත්‍රපටි මලයාලම්

Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | වීරත්වයට නැඟි මුහුදු කොල්ලකරුවෙකුගේ පුරාවෘත්තය [සිංහල උපසිරසි]

මරක්කාර්…
කුන්ජාලි මරක්කාර්!
චණ්ඩ මහා සාගරයේ පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් වැදි,
මසුරු ධනලෝභී ඉඩම්හිමියන්ගේ ධනය දුප්පතුන්ට බෙදා දුන්,
මුහුදු කොල්ලකාර මරක්කාර්!
පෘතුග්‍රීසි යුධ නැව් පිටින් මහ මුහුදට ගිනිබත් කළ
කුන්ජාලි පෙළපතේ අවසාන මරක්කාර්!
කෝටි 20කට අධික පළමු-දින ආදායමක් සමඟින්
තිරගත වීම ඇරඹි දිනම BoxOffice වාර්තා යළිත් අලුත් කළ,
මලයාලමේ මරක්කාර්!
මේ….
67වන National Film Awards හිදි වසරේ විශිෂ්ටතම චිත්‍රපටය බවට පත්වී
ජාතික සම්මාන 03ක් සහ ප්‍රාන්තීය සම්මාන 03කින් අබිසෙස් ලැබූ
කුන්ජාලි මරක්කාර්!!!

පෘතුග්‍රීසින්ට විරුද්ධව සටන් කරමින් දුප්පත් වැසියන් අතරේ වීරයෙක් වුණු “කුන්ජාලි මරක්කාර්” නැමැති ඉන්දීය පුරාවෘත්තය ඇසුරෙන් තමයි Marakkar: Arabikadalinte Simham මලයාලම් සිනමාපටය නිර්මාණය වෙන්නේ. සම්මානලාභි සිනමාකරුවෙකු වන Priyadarshan විසින් අධ්‍යක්ෂණය කළ මෙය, ඉන්දීය කෝටි 70කට අධික පිරිවැයක් දරමින් ඉන්දීය සිනමා ඉතිහාසය තුළ නිර්මාණය වූ දැවැන්තම මලයාලම් සිනමාපටය ලෙස හැඳින්වෙනවා.

ඉන්දීය ඉතිහාසයේ කුන්ජාලි මරක්කාර්වරුන් හතර දෙනෙක් ගැන අපට විස්තර හමුවෙනවා. එයින් Marakkar: Arabikadalinte Simham චිත්‍රපටයට පාදක වී තියන්නේ හතරවන අවසාන කුන්ජාලි මරක්කාර්වරයාගේ කතා පුවතයි. 16වන සියවසේ කැලිකට් හි සැමොරින්ගේ හමුදා ප්‍රධානියෙකු වශයෙන් සේවය කළ ඔහු වරෙක පෘතුග්‍රීසි යුධ නැව් අතිවිශාල ප්‍රමාණයක් මුහුදුබත් කළ කොල්ලකරුවෙක්. නමුත් පෘතුග්‍රීසින්ට එරෙහි ඉන්දීය නිදහස් අරගලයේ මුල් පුරුකක් ලෙසත් ඔහුගේ නම සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *