චිත්‍රපටි දමිළ

mahaan (2022) Sinhala Subtitles | පිය – පුතු සෙල්ලමේ ජෝකර් කවුද? [සිංහල උපසිරසි]

ගාන්ධි මහාන්ගේ තාත්තා, සීයා නිදහස් අරගල සටන්කාමීන්. ඒ වගේම මෙයාලා ‘මහත්මා ගාන්ධිගේ’ අනුගාමිකයින්(Gandhian). ගාන්ධිව පොඩි කාලේ ඉඳන්ම ගාන්ධි අනුගාමිකයෙක් විදිහටයි වැඩුනෙ. ඒත් ගාන්ධිට මීට වඩා නිදහසක් උවමනා වුණා. ගාන්ධි සූදු සෙල්ලම් කරන්නත් පුරුදු වෙලා හිටියා. දවසකදී ගාන්ධිගෙ තාත්තට මේක අහුවෙනවා. එදා ගාන්ධිට එයාගේ තාත්තා ‘මහාන්’ කෙනෙක් විදිහට ජීවත් වෙන්න කියලා අවවාද කරනවා. ගාන්ධිත් මහාන් කෙනෙක් වෙන්න තාත්තට පොරොන්දු වෙනවා. මෙහෙමම අවුරුදු ගතවෙලා ගාන්ධිට 40ත් ලබනවා. ගන්ධිගෙ ජීවිතය පොඩිකාලේ වගේම තමයි. ගෙදරට හොරෙන් ඉංග්‍රීසි චිත්‍රපටි බලන්නත් යන්න පුරුදු වෙලා තිබුණා. ගාන්ධිගෙ අනුගාමිකයෙක් වුණත් මේ ගාන්ධි බොරු කියන එක සිරිතක් වෙලා. කොහොමින් හරි දවසක් ගාන්ධිගේ නෝනා නාචියි, පුතයි නිවාඩුවට වන්දනා ගමනක් යනවා. හොඳම වෙලාව කියලා බලලා ගාන්ධි බාර් එකක් ඇතුලට රිංගනවා. බාර් එකේදි ගාන්ධිට, ගාන්ධිගෙ ගෝලයෙක්ව හමුවෙනවා. මේ ගෝලයා ගාන්ධි එදා දවසේ ඇතිවෙනකල් බොන්න දෙනවා. ගාන්ධි වෙරි වෙන්නම බොනවා.

පහුවදා නැගිටිනකොට දවල් 1ත් පහුවෙලා තිබුණා. වන්දනා ගමන ගියපු නාචි උදේ 7ට ගෙදර ඉන්නවා කියලා තිබුණා. නෝනා ගෙදරට යන්න කලින් ගාන්ධිට ගෙදරට යන්න බැරි වුණ නිසා, ගෙදර යන්න පරක්කු වුණ නිසා කලබලෙන් ගෙදරට දුවනවා. ගෙදර ගාන්ධි නැති නිසා ලොකු කලබලයක් ඇති වෙලා තිබුණා. ගාන්ධිගෙ නෝනා නාචි, ගාන්ධි බීලා ඇවිත් කියලා හොයාගන්නවා. නාචිත් මත්ද්‍රව්‍ය විරෝධී, ගාන්ධි අනුගාමික පවුලක් කෙනෙක් නිසා බීගෙන ආව ගාන්ධිව දාලා දරුවත් එක්කගෙන නාචිගෙ ගෙදර යනවා. ගාන්ධි කීප සැරයක් නාචිගෙ ගෙදරට ගියත් ආයේ ගාන්ධි එක්ක ඉන්න කැමති වෙන්නෙ නැහැ. ගාන්ධිගෙ කරදරේ නිසාම නාචිලගෙ පවුල ගමෙන් යනවා. එදා ඉඳන් ගාන්ධිට නාචිවයි, දරුවවයි හොයාගන්න පුළුවන් වුණේ නැහැ. මේ අතරෙදි ආයේ කවදාවත් බොන්නෙ නැහැ කිව්ව ගාන්ධි අරක්කු කර්මාන්තශාලාවක් පටන් ගන්නවා. නාචියි, පුතායි ගාන්ධිගෙන් ඈතටම යයිද? ගාන්ධිව හොයාගෙන ඒවිද?

Leave a Reply

Your email address will not be published.