කථාව ගැන කියනවනම් චිත්රපටයේ නම වගේම ඉතාම මධුරයි කියලා කියන්න පුළුවන්. තුන් යුවලක් ගැන කතාවක් සමඟින් බැදිලා තියෙනවා මේ චිත්රපටය. හොස්පිට්ල් එකක තමයි ගොඩක් කථාව දිවෙන්නේ. ලස්සනට ගලපලා තියෙනවා. කථාව කියන්නෙ නෑ ඔයාලම ඒක විදගන්න.
ඉතිං මේ චිත්රපටය දවස් කීපෙකට කලින් ආවත් esub ආවෙ නැහැ. ඊයෙ රෑ තමයි අලුත් කොපියක් ආවේ. ඉතිං විනාඩි 10න් දහයට esub හොයලා හොයලා ආවම, මේ වැඩේ පටන්ගත්තේ රොශේන් තමයි. එයා ලයින් 1000ක් ගහලා මට 6ට වගේ දෙද්දිත් මං මගෙ ටික ගහල තිබ්බෙ නෑ. කොල්ලා උනන්දුවෙන් හිටපු නිසා මාත් ඔන්න රෑම ගහල දැම්මා.
ඒවගේම කලින් දවසෙ ආපු කොපියට සබ සෙට් වෙන එකක් නම් නැහැ. මල්ටි ඕඩියෝ කොපිය අරගන්න. යළිත් දවසක මුණගැසෙමු.