මේකේ කතාව ගලාගෙන යන්නේ පාරු (නිලිය) වටායි. පාරු පුරාණ වස්තු ප්රතිසංස්කරණ ශිල්පිනියක් මෙයා දවසක් එක පලාතකට රාජකාරී වලට ගියාට පස්සේ නවතින්න තැනක් හොයාගන්නවා. මෙතන අයිතිකාරයා තමා අපේ මාරා (නළුවා). ඉතින් මේ ගමේ තාප්ප පුරා ඇඳලා තියනවා කතාවක් මේක පාරු පොඩි ළමයෙක් කාලේ නැන්දා කෙනෙක් එයාට කියපු එකක්. මේකේ වෙන්නේ….,
“එකෝමත් එක කාලෙක සෙබලෙක් හිටියලු.”
“මේ සෙබලා ගොඩක් විශේෂයි.”
“ඔහු අමරණීය කෙනෙක්, ගොඩාක් නිර්භීතයි.”
“මේ ලෝකේ තිබුණ බලවත්ම ආයුධයට වත් එයාව මරන්න බැරි වුනා.”
“ඒ මොකද කියනවා නම් මේ සෙබලා ලඟ,”
“කවුරුත් නොදන්නා රහසක් තිබුණාලු.”
“මොකක්ද ඒ රහස? “
ඒක දැනගන්න නම් ඔයාට මේ සිනමාපටය බලන්නම වෙනවා.
Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]