චිත්‍රපටි දමිළ

Maanaadu (2021) Sinhala Subtitles | පවිටු දේශපාලනය [සිංහල උපසිරසි]

කොච්චර කාලයක් උඹලා සමාජයේ මිනිස්සු අතර ජාති භේද ආගම් භේද ඇතිකරලා ඡන්ද ගන්නවද?
කවද්ද උඹලා අවංකව හරියට දේශපාලනය කරන්නේ?
—————————————————————–
මොනවද උඹ මේ සමාජයක් ගැන කියවන්නේ?
මේ මිනිස්සු කවුද කියලා දන්නවාද?
අපි සැලසුම් කරපු විදියට ජීවත් වෙන රූකඩ.!
තනිකර රූකඩ!
මේ මිනිස්සු අපේ සැලැස්ම අනුව දවස් හතරක් මහඇමති තුමා ගැන කතා කරයි.
ඊට පස්සේ IPL ක්‍රිකට් ලෝක කුසලානය ඕවා ගැන තමා කතාව.
ඕවා ගැන තමයි උන් වද වෙන්නේ.
එහෙම උන් ගැන උඹ ඇයි දුක් වෙන්නේ.?

අද කතාවේ ප්‍රධානතම අංගය තමයි ටයිම් ලූප් (Time Loop) කාල තරණය ගැන අහලා තියෙනවාද? කාල තරණය ගැන විද්‍යාඥයින් පවා නොයෙකුත් න්‍යායයන් ඉදිරිපත් කරලා තියෙනවා.තවමත් සිදුකරලා නැතිවුණත් ඒ න්‍යායයන් වල තිබෙන විද්‍යාත්මක කරුණු වලින් කාලතරණය ගැන යමක් උපකල්පනය කරන්න පුළුවන්,නමුත් Time Loop කියන්නේ විද්‍යාඥයකු විසින් ඉදිරිපත් කරපු න්‍යායක් නම් නෙවෙයි. Time Loop කියන්නේ එක්තරා විදියක ප්‍රබන්ධයක්,නමුත් ටයිම් ලූප් ගැන සොයාගෙන යනකොට අපට හමුවෙන තොරතුරු දිහා බලපුවාම ලෝකයේ විවිධ ස්ථාන වල සිටින විවිධ පුද්ගලයින් තරමක් දුරට සමාන දේවල් ප්‍රකාශ කරලා තියෙනවා.ඒ තමන් එකම දිනයක කිහිප වතාවක්ම ජීවත් වුණ බව! ඒ සිදුවීමට තමයි Time Loop එකක් Time Loop එකක හිර වෙලා වගේ කතා කියන්නේ! විද්‍යාත්මකව නිවැරැදි අර්ථ දැක්වීමක් නැති නිසා අද මම Time Loop ගැන ගැඹුරින් විමර්ශණය කරලා තොරතුරු ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ නෑ නමුත් මේ Time Loop මාතෘකාව පාදක කර ගනිමින් මෙහි අධ්‍යක්ෂවරයා කාලීන මාතෘකාවක් ගැන ඉතාමත් රසවත් අන්දමින් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුලට කාවදින ලෙස ඉදිරිපත් කරන්නට සමත්වී තිබෙන බව අවිවාදයෙන්ම කියන්න ඕන කාරණාවක්!

දේශපාලනය! කතා කරන්නත් මොකක්ද වගේ? නමුත් දේශපාලනය කරන උදවිය බලයට එන්න සිදුකරනා නොයෙකුත් නොහොබිනා ක්‍රියාවන් ගැන කතා නොකරත් බෑ! ජාතිය,ආගම මේ කාරණා ඉදිරියට දාලා මිනිසුන් භේද කරලා බලයට එන එක කොතරම් සදාචාර සම්පන්නද? එවන් දේශපාලඥයින්ගේ රූකඩ වී ජීවත් වීම කොතරම් අභාග්‍ය සම්පන්නද? රූකඩ විදියට ජීවත් වෙන්නේ කවුරුවත් නෙවෙයි මහජනතාව! මහජනතාව කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනද? මිනිසුන් විදියට තේරුම් ගන්න ඕන දෙයක් තමයි වැරදි කිරීම ජාතියට අනුව ආගමට අනුව සිදුවෙනවාද කියන කාරණාව! සුළු පිරිසක් යම් වරදක් කලාම ඔවුන්ගේ සමස්ථ ජාතිය සහ ආගම එල්ල කරලා හැමදාම ඒ වැරැද්ද ඔවුන්මයි කරේ කියලා හංවඩු ගහලා ඒක මුළු මහත් සමාජය තුල හුවා දක්වමින් පටු දේශපාලන අරමුණු ඉෂ්ට කරගත්තාම ඒ ජන සමාජයට ඒ ආගම අදහන මිනිස්සුන්ට ඒ චෝදනා වලින් නිදහස් වෙන්න පරම්පරා කීයක් ගත වෙයිද? පරම්පරා ගණනාවක් එකම දේ වෙනකොට කොහොමද? ඔවුන් අතරත් සිටිනා නිර්දෝෂි අහිංසකයින් කුමක් කරන්නට පෙලඹෙයිද? එහෙම වෙන්නේ නෑ කියනවා නම් ඒ වඟකීම දරන්නේ කවුද? කල්පනා කිරීම සිතා බැලීම ඔබ සතුයි! චිත්‍රපටයේ අධ්‍යෂකවරයා කියලා තියෙන්නේ එහෙමයි! ඔහුගේ අරමුණ වෙන්න ඇත්තේ ඒකමයි!

Leave a Reply

Your email address will not be published.