මේකෙ කතාව ගැන නම් මම මුකුත්ම කියන්නෙ නෑ. අපේ සමහර උපසිරසි කරුවෝ කරන වැරැද්දක් විදියට මම ඒක දකිනවා. කතාවෙ ආරම්භය පොඩ්ඩක් කිව්වනම් ඇති. ගොඩක් වෙලාවට රූපවාහිණි කතා මාල දෙනකොට සමහර කොටස්වලදි හැඳින්වීමේ ලිපියෙන් කියනව “අද කොටසින් කතාවෙ අහවලාට පොඩි කරදරයක් වෙනවා” කියලා. ඊට පස්සෙ කතාව බලන කෙනා බලාගෙන ඉන්නෙ ඒ කියපු චරිතෙට කොයි වෙලේද ඒ කරදරේ වෙන්නෙ කියල. ඒකෙන් රසවින්ඳයට බාධාවක් වෙනවා කියන එක තමයි මගේ මතය නම්.
ඊලඟ එක ඔයාල දන්නවා මේ දවස්වල අපේ රටේ විස රසායනික පොහොර වගයක් ගෙන්නලා පොඩි ප්රශ්නයක් යනවා. ඒ වගේ කතාවක් මේ ෆිල්ම් එකේ බලාගන්න පුලුවන් වෙයි. ඒකෙන් වෙන හානියත් මේකෙ පෙන්නලා දීලා තියෙනවා. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා කතාව බලලම ඉන්න කියල. ආපහු හම්බෙනකන් හැමෝටම ජයවේවා.