ඉන්දියාවේ කුල මල අනම් මනම් හේතු නිසා ආදරය කරන කපල් වලට එකතු වෙන්න බැරි වෙන ෆිල්ම් කලිනුත් ඇවිල්ලා තියනවා ඔයාලා බලලා ඇති. ඕක ඉන්දියාවේ තියන ඇත්තම කාරණයක් නිසා තමයි මේ තරම් චිත්රපටි බිහිවෙන්නේ.. ඇතැම් විට මේ වගේ සම්බන්ධ නිසා තමන්ගේ පවුලේ ළමයාවත් මරා දාන්න තරම් ඔවුන් පසුබට වෙන්නේ නැහැ… ජොති හා අහමද් කියන්නෙත් එහෙම ආදරය කරන දෙන්නෙක්.. ජොති හින්දු ආගමේ.. අහමද් කියන්නේ මුස්ලිම් වගේම දුප්පත් කොල්ලෙක්.. මේ නිසා ජොතිගේ පවුලේ අය කොහොමත්ම කැමැති වෙන්නේ නැහැ මේ සම්බන්ධයට. අනික ජොතිගේ ආච්චි පලාතේ අගමැති කෙනෙක්.. දැන් මේ කතාවේ ලව් හොස්ටල් කියලා නම දාලා තියන හේතුවත් කියන්නම්කෝ… සමාන්යයෙන් ගෙදරින් පලා ඇවිල්ලා උසාවියට ඇවිල්ලා බදින මේ වගේ ජොඩු වලට දෙමව්පියන්ගේ කැමැත්ත ලැබෙන කම් ඔවුන්ව උසාවියේ ආරක්ෂාව යටතේ හොස්ටල් එකක තියනවා. මේකට තමයි මේ ලව් හොස්ටල් කියන්නේ… කොහොම හරි ජොතියි අහමදුයි උසාවියේදි කසාද බදිනවා. මොවුන්ගේ ආරක්ෂාවටත් මේ අයවත් මේ හොස්ටල් එකට යවනවා.. පවුලට මේ උන අවනම්බුව නිසා ජෝතිගේ පවුලේ අය මේ දෙන්නාවම මරා දාන්න කුලි මැරයෙක් වෙන දාගර්ට (බොබි ඩියොල්) කියනවා. ඔහු කොයිතරම් දරුණු මැරයෙක්ද කියලා චිත්රපටිය මුලදිම බලාගන්න පුලුවන්. කොහොම හරි ඔහු දැනගන්නවා මේ දෙන්නාත් දැන් අර පොලිසිය යටතේ තියන හොස්ටල් එකේ ඉන්නේ කියලා.. ජොතිටයි අහමද්ටයි ගැලවිලා ඉන්න පුලුවන් වේවිද? දාගර් මෙතැනටත් කඩා වැදිලා මේ දෙන්නාව මරලා දාවිද?
